සංචාරකයන් රැගත් සුඛෝපභෝගී සංචාරක මගී නෞකාවක් කුණාටුවක් මැදින් ගමන් කරද්දී, ප්‍රචණ්ඩ සැඩ රළ පහරකට හසුවුණු බවත් නැවේ සිටි එක් කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තවත් සිවු දෙනෙකු තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.
මියගියේ ඇමෙරිකන් ජාතික මගී කාන්තාවකි.
මරණය සිදුවූයේ සැඩ රළ පහර වැදී, කැඩී විසිවී ආ ජනේල වීදුරු කැබැලිවලට කැපී තුවාල වීමෙන් යැයි සුඛෝපබෝගී නැව අයත් ‘වයිකිං’ නමැති සංචාරක සමාගම පවසා තිබේ.
‘වයිකිං’ යනු ආජන්ටිනා සංචාරක සමාගමකි. නෞකාව ආජන්ටිනාවේ උෂියා නගරයේ සිට ඇන්ටාක්ටිකාව බලා යාත්‍රා කරමින් තිබියදී මෙම කුණාටුවට හසුවිය. කුණාටුවට හසුවන අවස්ථාවේදී නෞකාවේ සංචාරකයන් 378 දෙනෙකු සිටි බව ද වාර්තා වේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සැප නැවක් සැඩ රළ පහරට හසුවෙලා