IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සපත්තු දෙක කිලෝ අටසීයයි

ගිනස් පොතේ නම සටහන් කර ගැනීමේ අරමුණින් යකඩ සපත්තු පැළද ඇවිදින පුද්ගලයකු චීනයේ සිටී.

ෂෑන්ග් ෆුක්සින්ග් මෙම යකඩ සපත්තු පැළද දිනපතා ඇවිදී.එක් යකඩ සපත්තුවක් කිලෝග්රෑම් 405 ක් පමණ බර වේයැයි මැන බලා තිබේ.

මුලදී ෂෑන්ග් මෙම යකඩ සපත්තු නිර්මානය කර ඇත්තේ එකක් කිලෝග්රෑම් 70 ක් පමණ වන පරිදිය. නමුත් යකඩ සපත්තු පැළද ඇවිදීම යනු අභියෝගයක් බව පෙන්වීමට හෙතෙම තම සපත්තු වල බර වැඩිකර ඇත.

මෙම සපත්තු යුගළද ඔහුගේම නිර්මාණයකි.

ඔහු මෙම සපත්තු පැළද සෙල්ලම් ‘දමන්නේ‘ ප්‍රදේශයේ පිහිටි පොදු උද්‍යානයකදීය.හති වැටුණු පසු පාවහන් ගලවන හෙතෙම ඒවා උද්‍යානයේම තිබෙන්නට ඉඩහැර නිවෙස බලා යයි.කිලෝග්රෑම් සිය ගණනක් බර වන යකඩ සපත්තුවක් සොරා ගැනීමට පුද්ගලයෙකු සිටී නම් එය පුදුමයට කාරණයක් යැයි ඔහු කියයි.



අදහස් (0)

සපත්තු දෙක කිලෝ අටසීයයි

රත්න Monday, 11 November 2013 05:12 PM

රෝද සවි කළා නම් හරි (නි)

:       0       0

අජිත් Wednesday, 13 November 2013 11:07 PM

අපේ සීයටත් මේ වගේ සපත්තු 2 අරන් දෙන්න ඕනේ (අ)

:       0       0

අජිත් Monday, 11 November 2013 05:57 PM

මටත් මේ වගේ සපත්තු 2ක් ගන්න ආසයි,ලංකාවේ ගන්න තැනක් තියෙනවද? (නි)

:       0       0

ජ. තිසර Wednesday, 13 November 2013 01:18 PM

එක යකඩ සපත්තුවක බර කි.ග්‍රෑ. 405 නොවේ. එකක බර කි.ග්‍රෑ. 202.5ක් විය යුතුය. එහි දිග, පලල සහ උස පිළිවෙලින් දළ වශයෙන් සෙ.මී. 30, 20, 40 පමණ බව සමහර වෙබ් අඩවිවල පළවී ඇත. මෙහි පරිමාව ඝ.මී. 0.024 බැවින් යකඩවල ඝණත්වයෙන්(7900 කි.ග්‍රෑ./ඝ.මී.)එය වැඩිකළ විට එහි බර කි.ග්‍රෑ. 190ක් පමණ වේ. මගේ අදහස අනුව ඔහු වරකට එක සපත්තුවක් සපත්තුවේ පහත ඉදිරි ගැට්ටෙන් පෙරට ඇලකර ඉදිරියට ඇදීමෙන් සපත්තුව පාර මත ලිස්සා යන ලෙස එහි බරද උපයෝගී කරගනු ඇත. ප්‍රථම පිංතූරයේ පාරේ ඇති සුදු සළකුණු එවැන්නක් හඟවති. සපත්තුවක බර කි.ග්‍රෑ. 202.5 ඝර්සණ සංගුණකය ලෙස යෙදචිය හැකි 0.7 වලින් වැඩිකළ විට ඇදීමට අවශ්‍ය බලය කි.ග්‍රෑ. වලින් කියතොක් කි.ග්‍රෑ.150ක් පමණ බලයක් වේ (නිව්ටන් 1500). කෙසේ උවත් ශක්තිමත් මාංශ පේශීන් ඇති තම බර සහ මාංශ පේශීන්ට යොදන ශක්තිය දකුණ සහ වම්අත පැත්තට ඇලවී සමබරවන ක්‍රියාකළ හැකි ලෙස හොඳින් පුරුදුවී ඇති දක්ෂ මිනිසෙකි. ඔහු වයස අවුරුදු 51ක් වන කි.ග්‍රෑ. 60ක් පමණ බර අඩු පුද්ගලයෙකු වී මෙවැන්නක් කිරීමට හැකිවීමත් පුදුමයකි. (ස)

:       0       0

මහේෂ් Thursday, 14 November 2013 02:34 PM

බොරු වැඩ. (ස)

:       0       0

ශාන Monday, 11 November 2013 11:47 AM

අපේ රටේ නම් ඔය සපත්තු දෙක කුඩ්ඩෙකුට අහු උනා නම් දෙකම එක පාර උස්සනවා.... යකඩ වලට විකිණුවා නම් ඌට මාසෙකට ඇති... (ස)

:       0       0

සෙනරත් Monday, 11 November 2013 11:58 AM

මෙයා කරන්නේ බොරු වෙන්න ඕන. නැත්නම් හොස්පිටල් තමය ඉන්න වෙන්නේ කකුල් කඩාගෙන. (ස)

:       0       0

මෙන්ඩිස් Monday, 11 November 2013 12:19 PM

ඇවිදින්න දෙයක් නෑ. කකුලෙන් කිලෝ 400ක් උස්සපු එකම වාර්තාවක් නේ. (ස)

:       0       0

විචාරක Tuesday, 12 November 2013 08:32 AM

තව මොන ගිනස් වාර්තා තියාවිද දන්නෙ නැහැ (නි)

:       0       0

ස්කාස් Monday, 11 November 2013 08:11 PM

නිකම්ම නිකම් පිස්සු වැඩක් (නි)

:       0       0

බණ්ඩා Tuesday, 12 November 2013 09:21 PM

මේ වයසක මනුස්සයා කොහොමද කිලෝ 400 ක් තනි කකුලෙන් උස්සනේ ....මේවා බලන අපිට පිස්සු ,,,,(නදී)

:       0       0

සචින් Tuesday, 12 November 2013 03:50 PM

මේ මනුස්සයට ලූස් මෝෂන්. (ස)

:       0       0

නුවන් Monday, 11 November 2013 01:38 PM

ලංකාවේ ගලවල පන්සලකට වත් යන්ද බලන්ඩ. (ස)

:       0       0

කුමාර Monday, 11 November 2013 01:46 PM

මම හිතුවා මොලේ අප්සෙට් කෙනෙක් කියලා. (ස)

:       0       0

අකිල Wednesday, 13 November 2013 07:35 PM

අත්පුඩියක් ගහන්නද තිසර. (නි)

:       0       0

කැලුම් Tuesday, 12 November 2013 09:52 AM

මුන්ට ලූස් !(නදී)

:       0       0

තුෂාර Tuesday, 12 November 2013 10:09 PM

කකුල් දෙක අරන් යන්න වෙනම වාහනයක් ඕනේ (දී)

:       0       0

තාරක Tuesday, 12 November 2013 10:09 PM

මෙහෙමත් පිස්සු තියෙනවානේ ලෝකේ (දී)

:       0       0

නලින් Monday, 11 November 2013 02:26 PM

මේකට පිස්සු අප්පා. (ස)

:       0       0

මධු Wednesday, 13 November 2013 10:37 AM

මෙයා ඒක උස්සගෙන යන්නෙ නෑ. ඇදගෙන යනවා ඇත්තේ. (1 පින්තුරයේ ඇදගෙන ගිය පාර පේනවා.) ධෛර්යමත් මනුස්සයෙක්. (ස)

:       0       0

ග්‍රෙනාඩ් Tuesday, 12 November 2013 04:51 PM

මේක ඇත්ත විස්වාස කරන්න පුළුවන් (ස)

:       0       0

චානක Monday, 11 November 2013 02:45 PM

ලූස් ද කොහෙද ! (ස)

:       0       0

ලාල් නුවර Thursday, 14 November 2013 03:17 AM

කිලෝ 405ක් එක කකුලකින් උස්සන්න මෙයා යෝදයෙක් වෙන්න ඕන මේක බොරුවක් .අර රෙස්ලින් ගහන යෝද ඇගවල් තියෙන කෙනෙකුටවත් බැරි වැඩක් මේක (දී)

:       0       0

සජිත් Tuesday, 12 November 2013 10:46 AM

මම නම් හිතන්නේ නැහැ මෙයාට ඒක උස්සගෙන යන්න පුළුවන්ය කියා. නිකන් පෙන්වනවා විතරයි මං හිතන්නේ (ස)

:       0       0

දුම්මලසූරිය Tuesday, 12 November 2013 10:50 AM

මේක නම් අමූලික බොරුවක්..... (ස)

:       0       0

දුම්මලසූරිය Tuesday, 12 November 2013 10:57 AM

කිලෝ 400ක් එක කකුලකට? අම්මෝ කොහෙත්ම විශ්වාස කරන්න බැහැ...ඔය මනුස්සය එක මිලි මීටරයක් ඔය කියන සපත්තුව උස්සල නැතිව ඇති..... (ස)

:       0       0

ෂර්මිලා Monday, 11 November 2013 04:10 PM

ඇත්තටම මෙයාට නම් පිස්සු. වැඩ නැතුවට වැඩ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1556 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site