
තව වසර 6 ක් යද්දී, සඳට ගගනගාමීන් යැවීමටත්, සඳ මතුපිට ජනාවාස පිහිටුවීමටත් චීනය සූදානම් බව චීන අභ්‍යවකාශ ආයතනයයේ චන්ද්‍ර මෙහෙයුම් ප්‍රධානී වූ වෙයිරැන් මාධ්‍ය හමුවේ පවසා ඇත.
චීනය සඳ මතුපිට පළමු ජනාවාසය පිහිටුවනු ඇත්තේ 2028 වසරේදීය. මෙම එම ජනාවාසය පණ ගැන්වෙනු ඇත්තේ න්‍යෂ්ටික බලශක්තියෙන් යැයි ද පැවැසෙයි.
චීනය මේ වනවිට පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කරමින් සිටී. එහි කටයුතු මෙම වසරේ අවසන් වෙයි. අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි වන්නේ ‘චැංග් ඊ’ මෙහෙයුම් මාලාව යටතේය.
චීනය පළමුවෙන් සඳුගේ කක්ෂයටත්, පසුව සඳ මතුපිටටත් යානා යැවීම් සිදු කිරීමට නියමිතය. ඒ, ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත ‘චැංග් ඊ 6,7 සහ 8’ මෙහෙයුම් යටතේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සඳ මතුපිට ජනාවාස පිහිටුවන්න චීනය සූදානම්
ඇමැතියා Saturday, 26 November 2022 07:01 PM
අසුචි පාවෙන්නැති ගම්මානයක් හැදුවොත් අම්මපා මගේ ඇමති කමෙන් අයින් වෙනවා...
විපරමා Saturday, 26 November 2022 07:51 PM
හොඳ අදහසක්. අපේ රටේත් ඉන්නවා නම් දරාපු ගගනගාමියෙක් මැදමූලනේ...!
Prabha Saturday, 26 November 2022 11:02 PM
සම්පුර්ණ හඳම අල්ලන් ඔක්කොම චීන්නු එහෙ ගෙනියන්න බැරිද.?
Nimal Sunday, 27 November 2022 10:36 AM
බැරිද අපේ 225ත් කීයක්හරි කමක් නැහැ සදහටම ඔහේ යවන්න.
Senarath Sunday, 27 November 2022 10:37 AM
ජේ සිල්වා මොනවා කියාවිද තව අවුරුදු 6කින්.?