1969 වසරේ ඇපලෝ 11 සඳ ගමනට එක්වුණු නාසා ගගනගාමී මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වූ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. කොලින්ස් 90 හැවිරිදි වියෙහි පසුවිය.
මයිකල් කොලින්ස් පසුගිය වසර කීපයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුයෙන් ප්‍රතිකර ලබමින් සිටියේය.
2019 දී සඳ ගමනට වසර 50 ක් පිරීම නිමිත්තෙන් ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැති විශේෂ සැමරුමට ද කොලින්ස් සහභාගී විය.
නීල් ආම්ස්ට්‍රෝං පළමු මිනිසා ලෙස සඳ මත පය තැබුවේ ඇපලෝ 11 මෙහෙයුමේදීය.
නීල් ආම්ස්ට්‍රෝං සමඟ තවත් දෙදෙනකු එම චන්ද්‍ර මෛහයුමට එක්වුණු අතර මයිකල් කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රීන් ඔවුන් දෙදෙනාය.
මයිකල් කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රීන් ඊගල් චන්ද්‍ර යානයේ නැගී සඳට ගොස් ආපසු එනතුරු සඳුගේ කක්ෂයට වී මවු යානයේ රැදී සිටියේ මයිකල් කොලින්ස්ය.
සඳ ගමනට එක් වී, සඳට යෑමට නොහැකි වුණු මිනිසා ලෙස ද කොලින්ස් සැලකෙයි.
නීල් ආම්ස්ට්‍රෝං දිවියෙන් සමුගත්තේ 2012 වසරේදීය. ඒ අනුව මේ වනවිට ඉතිරිව සිටින්නේ බස් ඕල්ඩ්‍රීන් පමණි. ඕල්ඩ්‍රීන්ගේ වයස අවුරුදු 91 කි.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සඳ ගමනට එක්වුණු මයිකල් කොලින්ස් සමුගනී