IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


සුන්බුන් අතර සිරවී සිටි සති දෙකේ බබා බේරා ගැනේ

අග්නිදිග තුර්කියේ පසුගිය සතියේ සිදු වූ ප‍්‍රබල භූමිකම්පාවෙන් දින දෙකකට පසු, එම ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටි සති දෙකක් වයසැති බිළිඳිය බේරා ගැනීමට සහන කි‍්‍රයාකාරීහු සමත් වූහ. නැගෙනහිර එරික්ස් නගරයේ පිහිටි තම නිවෙසේ සුන්බුන් අතර අසාරා කරදුමාන් නමැති කුඩා බිළිඳිය සිරවී සිටියාය. සහන සේවකයින් තම මෙහෙයුම් සිදු කරන අතරතුර සුන්බුන් අතර තම මව් තුරුලේ සැතපී සිටි ඇය බේරා ගන්නට සමත් වූහ. මෙහි අනෙක් පුදුමය නම් ඇයගේ මව වන සෙනිහා  සහ හැත්තෑතුන් හැවිරිදි අත්තම්මා වන ගුල්සේඞ් තවමත් සුන්බුන් අතර සිරවී සිටිති. පසුව දැරිවිය අන්කාරා රෝහල වෙත යවනු ලැබීය. මෙම සිද්ධිය ගැන රොයිටර් වාර්තාකරුවන්ට පැවසුවේ එම නිවස අසලට පැමිණ සිටි බිළිඳියගේ තවත් අත්තම්මා කෙනෙකි. ‘‘ මේ අවස්ථාවේදී දෙවියන්ට ස්තුතිවීම හැර වෙන කුමක් කරන්නදැයි’’ කඳුළු පිරි දෙනෙතින් ඇය කීවාය. සිරවී සිටින දරුවාගේ මව හා අත්තම්මා බේරා ගැනීමට උපරිම උත්සාහයක් දරන බව සහන සේවා නිලධාරී  පිරිස් කියා සිටියෝය. දැරියගේ පියා ගැන මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත. බිළිඳිය බේරා ගත් සහන සේවා කණ්ඩායමේ සමාජිකයා වන කබීර් ඩයිරෙක් එම දරුවා ඔහුගේ දෑත් මත තබාගෙන නළවන ආකාරයෙන් ගිලන් රිය වෙත ගෙන එද්දී, අවට රැස්ව සිටි පිරිස් පී‍්‍රතිඝෝෂා කළහ. ‘බිළිඳිය වඩාගෙන සිටින විට මේ ලෝකසේ සිටින ප‍්‍රීතිමත්ම පුද්ගලයා තමා යැයි හැගෙන බව’ දැරිය බේරාගත් කබීර් පැවසීය. අස්රා බේරා ගන්නා අවස්ථාවේදී ඇයගේ මව සහන සේවකයාට කියා සිටියේ තම දියණියට තවත් නමක් යොදන ලෙසයි. ඒ ඉල්ලීම අනුව අස්රාට, අයිසිනර් යන නමද තැබීමට කබීර් තීරණය කළේය. නබිනායක බිරිඳගේ නම සහ ආලෝකය යන වචන එක්කොට එම නව නම සකස් කර තිබේ. සුන්බුන් අතරින් බේරා ගත් අසාරා බිළිඳිය රෝහලට රැගෙන යද්දී...ඡායාරූපය ඒ.එෆ්.පී



අදහස් (0)

සුන්බුන් අතර සිරවී සිටි සති දෙකේ බබා බේරා ගැනේ

හාමිඩ් හස්සන් Saturday, 12 July 2014 05:00 PM

අනේ පව්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14765 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site