සෞදි අරාබියේ වෙසෙන සියලුම විදේශීක ශ්‍රමිකයන්ට තම ගමන් බල පත්‍රය ඇතුළු සියලු ලිපි ලේඛන තම සන්තකයේ තබා ගැනීමට ඇති අයිතිය නැවතත් තහවුරු කරමින් සෞදි කම්කරු අමාත්‍යාංශය පුවත්පත් මගින් නිවේදනයක් නිකුත් කරයි.
හාම්පුතා (සේවා යෝජකයා) විසින් විදේශික ශ්‍රමිකයන්ගේ ගමන් බලපත් සහ අනිකුත් ලිපිලේඛන තම භාරයේ තබා ගත්තද සේවකයාගේ පලායාම එමගින් වැලැක්විය නොහැකි බවද එසේ පලා යන්නවුනට කිසිදු ලියවිල්ලක් හෝ නොමැතිව තම රටේ තානාපති කාර්යාලයට ගොස් ලියාපදිංචි වීමට බාධාවක් නොමැති බව එම නිවේදනයේ කියයි.
යම් විදේශිකයෙකු රැකියාව සඳහා මෙරටට පැමිණ පළමු මාස තුන ඇතුළත නොදන්වා සේවයට නොපැමිණිහොත් එම ශ්‍රමිකයා වෙනුවට විදේශ රැකියා නියෝජිත ආයතන මගින් වෙනත් ශ්‍රමිකයකු අනුයුක්ත කර ගැනීමට හාම්පුතාට අයිතියක් ඇති බවද එම නිවේදනයේ පවසයි.
ජෙඩා නුවර සෞදි කම්කරු කාර්යාලයේ අධ්‍යක්ෂ සුල්තාන් අල් හර්බි සඳහන් කරනුයේ කිසියම් හාම්පුතකු හෝ ආයතන හිමිකරුවකු විදේශ ශ්‍රමිකයන්ගේ ගමන් බලපත්‍ර තම භාරයේ රදවා ගැනිම පැහැදිලිවම කම්කරු කාර්යාලයට පැමිණිලි කිරිමට අයිතියක් ශ්‍රමිකයාට ඇත්තේ කම්කරු නිතිය මගින් විදේශික ශ්‍රමිකයන් ආරක්ෂා කිරිම යටතේ බවද ඔහු කියයි.
සෞදි කම්කරු නිතියේ 13 වගන්තිය ප්‍රකාරව සේවා දායකයකු පලාගියහොත් සේවා යෝජකයා විසින් අනිවාර්යෙන් ළඟම ඇති පොලිසියට සහ කම්කරු කාර්යාලයට පැමිණිල්ලක් කළ යුත්තේ එම ශ්‍රමිකයා විසින් සේවා යෝජකයාට විරුද්ධව කළ හැකි පැමිණීලි සහ නඩු මඟට අවතිර්ණ වීමට ඇති හැකියාව එමගින් වැළැක්වීම සඳහා බවද ඔහු සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි ශ්‍රමිකයාට තවත් දිනුමක්
නදිත Friday, 13 March 2015 05:38 AM
තාමත් අපේ පාළකයින්ගේ ඇස් ඇරිලා නෑ (දිල්)
චන්ද්‍රසිරි Friday, 13 March 2015 08:00 AM
තිලක් කියන කතාව මම අනුමත කරනවා.(හේ)
නිෂාර්ඩ් Friday, 13 March 2015 09:40 AM
පාස්පෝර්ට් කොහොම උනත් මාසය අවසානයේ පොරොන්දු උන පඩිය හරිය අතට ලැබෙන්ට සලස්වන්න. ඒවගේ සේවකයින්ව මනුස්සකමින් සලකන්ට කියන්ට. ඒ හොඳටම ඇති. පාස්පෝර්ට් එක ඕනෙනම් සේවාදායක අරගෙන කාපුදෙන්. මොකද පාස්පෝර්ට් එක ළඟ තිබුන කියල ලංකාවේ ගෙදර ඉන්න අයගේ බඩ පිරෙන්නේ නැහැනේ (බ)
ලලිත් මහින්ද ලංකානායක Wednesday, 11 March 2015 08:30 AM
සෞදියේ තියා ඩුබායි වලත් සමහර කොම්පැණි වල තාම පාස්පෝර්ට් අතට දෙන්නේ නැහැ. (ර)
තිලක් Thursday, 12 March 2015 05:22 PM
සමහරු එක කාමරේ ගොඩක් අය සමඟ ඉන්නවා. ඉතින් පොඩි තරහකට පාස්පෝර්ට් එක සොරකම් කළොත් ඉවරයි. හොඳ වගේම නරකත් තිබෙනවා (නි)
දුමින්ද Tuesday, 10 March 2015 07:33 AM
වැලි කතරට පොද වැස්සක් (නදී)
පිටබැද්දර ජයා Saturday, 14 March 2015 10:12 AM
අපේ රටේ කෑ ගහහන මානව ක්‍රියාකාරීන් යවමුකෝ සෞදියට (නදී)
ධම්මික හේමලාල් Saturday, 14 March 2015 10:29 AM
කුවෙට් වලට ඔය සහනය ලැබෙයිද ? (නදී)