IMG-LOGO

’සුදුසු වෙලාවට එන්නත ලබා ගන්නවා’

තමන් දැන්මම ‘කොවිඩ්-19’ එන්නත නොගන්නා බවත් එසේ වුවත් සුදුසු වේලාවේදී එන්නත ලබාගන්නා බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය එක්ව නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත ඇමෙරිකානු ජනාතවට ලබාදීම අද (14) ආරම්භ වේ.

ඒත් සමඟ ජනාධිපති ට්‍රම්ප් ට සහ ධවල මන්දිරයේ කාර්යමණ්ඩලයට වයිරස එන්නත ලැබෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් විවිධ වාර්තා පළ විය. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් එම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබිණි.

“විශේෂයෙන් අවශ්‍ය නැතිනම් ධවල මන්දිරයේ වැඩ කරන අයට එන්නත ලැබිය යුත්තේ එන්නත් වැඩසටහනේ අවසන් අදියරේදී. වැඩසටහනේ අදාළ වෙනස කරන්නැයි මා ඉල්ලීමක් කළා. මා දැන්මම එන්නත ලබාගන්නේ නැහැ. එහෙත් සුදුසු වේලාවේදී එන්නත ලබාගන්න බලාපොරොත්තු වෙනවා. ස්තූතියි” යැයි ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ බැවින් ඔහුට එන්නත අවශ්‍ය නොවන බව පැවසේ. කෙසේ නමුත් ඇමෙරිකානු ජනතාව අතර විශ්වාසය වැඩි කිරීමේ අරමුණින් ජනාධිපති ට්‍රම්ප් එන්නත ලබාගැනීමට නියමිත බව පැවසේ.
 
 ඒ.එෆ්.පී./රොයිටර්
 055

 



අදහස් (1)

’සුදුසු වෙලාවට එන්නත ලබා ගන්නවා’

chandima Monday, 14 December 2020 07:09 PM

එන්නත ගන්න යන්නේ ඡන්දෙට කළීන් කොරෝනා හැදුණා කිව්වෙ බොරුවටවත්ද?කියන්න බැහැ ගෝලයෙක් ලංකාවට එවලා උපදෙස් අරන්ගියේ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site