IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සතියකට 1,700 ක් ‘කොව්ඩ්’ වලින් මැරෙනවා

‘කොවිඩ් 19’ වයිරසය සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

තවමත් ලොව පුරා එක් සතියකට ‘කොව්ඩ්19’ ආසාදනය වීමෙන් 1,700 ක පිරිසක් මියයන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේය.

රටවල් බොහොමයක ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ අඩු ප්‍රවණතාවක් දකින්න ලැබෙන බවත්, දිගටම වයිරසය අඩපණ කිරීමට නම්, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අවශ්‍ය බවත් ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස්, මාධ්‍ය හමුවේ දී ලෝ වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට නිපදවූ ප්‍රධාන පෙළේ ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් වන්නේ ‘ෆයිසර්’ සහ ‘ඇස්ට්‍රාසෙනකා’ යන එන්නත්ය.

ලේ කැටි ගැසීම් සහ තවත් දරුණු ආකාරයේ අතුරු ආබාධ රැසක් ඇතිවන බව අධිරණය හමුවේ තහවුරු වීමත් සමඟ මෙම එන්නත් භාවිතය ගැටලුවක් වී තිබේ. ලොව පුරා බෙදා හරින ලද ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත් යළි ගෙන්වීමට ද ‘ඇස්ට්‍රාසෙනකා’ සමාගම තීරණය කර ඇත.



අදහස් (1)

සතියකට 1,700 ක් ‘කොව්ඩ්’ වලින් මැරෙනවා

Deepal Nirosh Friday, 12 July 2024 08:28 AM

ම්... මෙහෙම ලෙඩක් අපේ රටේ තිබුණ ද? අපිට නම් මතක නැහැ. හරි.. මේ 1700ට අයිති අපේ රටේ කවුරුවත් නැහැ නෙව.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site