IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සතුන් වත්තේ සත්තු අනතුරේ ?

අලින්ටත් ළමයින්ටත් නලියන්නමයි හිත කියා කියමනක් ඇතත් දැඟලීමට තියා පියවරක් හෝ ඉදිරියට තැබිම නොහැකි ලෙස විලංගු දැමූ අලිපැටියක් ඉන්දුනීසියාවේ සුරයාබා සතුන් වත්තේ සිටින බව පරිසරවේදීන් චෝදනා කරති. ඔවුන් පවසන්නේ මේ සත්ත්වෝද්‍යානය ලෝකයේ නරකම සතුන්වත්ත බවයි.

විලංගු දමා ඇති අලි පැටවාගේ පසුපස පාද දෙකට හා ඉදිරිපස එක් පාදයකට විලංගු දැමිම හේතුවෙන් අලියට ඉදිරියට හෝ පිටුපසට යාමට නොහැකි වී ඇත. විලංගු හේතුවෙන් පාදවල ගැඹුරු තුවාල දක්නට ලැබේ.

සතුන්වත්තේ එක් කුඩා කූඩුවක පෙලිකන් කුරැල්ලන් 150ක් රඳවා සිටින අතර මරණාසන්න ඔටුවෙක් ද ඒ ආසන්නයේ ම දක්නට ලැබෙයි.

පොලිතීන් ආහාරයට ගත් ජිරාෆ් සතකු ද පෝමලින් යෙදූ මස් විෂ වීමෙන් සුමාත්‍රා ව්‍යාඝ්‍රයකු ද පසුගිය දිනවල මියගොස් ඇත. පරිසරවේදීන් පවසන්නේ ගතවූ මාස තුනේ දී විශාල සතුන් 50ක් පමණ මියගොස් ඇති බවයි. නිසි පරිදි කූඩු පවිත්‍ර නොකිරීමත් ආහාර නොදීමත් ඊට හේතුවී ඇතැයි මහජනතාවගෙන් නැගෙන චෝදනාවකි.



අදහස් (0)

සතුන් වත්තේ සත්තු අනතුරේ ?

ලංකාසිරි Saturday, 28 December 2013 01:43 PM

මිනිසා ලොව වෙසෙනා ඉතාම භයානක සත්ව වර්ගයා යැයි කීම කෙතරම් සත්‍යයක්ද. (අ)

:       0       0

සුමංගල - ඇල්පිටිය Saturday, 28 December 2013 02:58 PM

අපේ නම් ඇනකොන්ඩා කේස් ඇරුනම අනිත් වැඩ තිතට කෙරෙනවා (අ)

:       0       0

නදී Monday, 30 December 2013 02:39 PM

ලංකාවේ තියන කැලෑ ටික කපලා සත්තුන්ට කන්න තියන දේ නැති කරන එකත් මීට වෙනස් නැහැ.

:       0       0

පාලි Saturday, 28 December 2013 07:48 PM

මේ අයට දෙහිවල සත්තු වත්ත පෙන්වන්න ,යමක් ඉගෙන ගනී (අ)

:       0       0

සෑම් Sunday, 29 December 2013 01:39 AM

මේ විදියට ගියොත් නම් මේ අය දෙහිවල සත්තු වත්ත පරාද කරනවා.(අ)

:       0       0

අචිර Sunday, 29 December 2013 09:57 PM

ඉන්දුනීසියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

සකුරුන්ද Monday, 30 December 2013 06:40 PM

සත්තුන්ට සලකන විදිය අපේ රටෙත් වැඩි වෙනසක් නැහැ. පින්නවලත් අලි බදින්නේ මෙහෙමයි. පන්සල් වල අලින්න්ට නිදහසක් තියෙනවද? හරියට කන්නත් නැතුව අලි බර ඇදලා ඇතිවෙලා ගොව්වටත් ගහලා නැත්නම් වල වල් වැටිලා මැරිලා කියල කොච්චර මාධ්‍යයෙන් දකිනවාද ?. මෙහෙම මේ රටේ සත්ව හිංසාව දැක්කම ඊට විරුද්දව කතාකරන්න , මොනවා හරි වෙනසක් වෙනකල්ම.(නදී)

:       0       0

රජින්ද Sunday, 29 December 2013 11:01 AM

සත්තුන්ට ආදරය කරන්න හැක්කේ මිනිස් සමාජයට, ගහකොළ වලට ආදරය කරන්න පුළුවන් තරමට හදවත තෙත් නම් විතරනේ. (අ)

:       0       0

චිරාත් Saturday, 28 December 2013 10:10 AM

මම මේ සත්තු වත්තට ගියා. මේ කතාව ඇත්ත. බබූන් ගේ කුඩුව තනිකර අපායක්. ඒක සුද්ද කරලත් නැහැ. අනික මේ සත්තුවත්තක් නෙමෙයි. වෙන රටවල සත්තු ඉන්නේ නිදහසේ. අපි තමයි කුඩුවේ ඉදලා සත්තු බලන්න ඕනේ. මේක නිකම් මිනිස්සු ජොලි කරන පාර්ක් එකක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 88 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site