ඇමෙරිකාවේ මොන්ටානාහි යෙලෝස්ටෝන් ගංඟාවේ ජීවත්වන යෝධ ගෙම්බන් සියළු උභයජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වී ඇතැයි පරිසරවේදීහු පෙන්වාදෙති.
මේ ගෙම්බන් ආක්‍රමණකාරී ලෙස වැඩිවෙමින් පවතින අතර දක්නට ලැබෙන ඕනෑම දෙයක් ආහාරයට ගනිමින් සියලු ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙමින් සිටියි. ඇමෙරිකන් බුල්ෆ්‍රොග් ලෙස හඳුන්වන ගෙඹි විශේෂය කෘමීන්, කුරුල්ලන්, මැස්සන් පමණක් නොව තම වර්ගයාම පවා ආහාරයට ගැනීමට තරම් පෙළඹෙති.
පරිසරවේදීන් පෙන්වාදෙන්නේ 2010 සිට මේ දක්වා කාලයේ දී ඔවුන්ගේ බෝවීම හතර ගුණයකින් වැඩිවී ඇති බවයි. දැන් මොවුන්ගේ ගහනය පාලනය කැරගත නොහැකිය. අඟල් 12ක් පමණ වූ මේ ගෙම්බා ඇමෙරිකාවට ආවේණිකය. විද්‍යාඥයන් පවසන්නේ මොවුන් සුරතල් සතුන් ලෙස ඇතිකැර අනතුරුව පරිසරයට මුදාහරින ලද සතුන් කොට්ඨාශයක් බවයි. එසේම මොවුන්ගේ ඉස් ගෙඩියන් මාළු ඇල්ලීමේ දී ඇමට යොදාගෙන ඇත.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ අනෙක් උභය ජීවීන්ට මාරාන්තිකවන දිලීරයක් මේ ගෙම්බන් විසින් පරිසරයට මුදාහරින බවයි. මොවුන්ගේ සංඛ්‍යාත්මක වැඩිවීම අනෙක් සියලු උභය ජීවීන්ට තර්ජනයක් වී ඇත්තේ ඒ හේතුවෙනි.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතුන්ට තර්ජනයක් වූ ඇමෙරිකා ගෙම්බා
පියරත්න Monday, 06 October 2014 01:06 PM
ඔය ඇමරිකන් ගෙම්බා සතුන්ට විතරක් නෙමෙයි මුළු ලෝකයටම තර්ජනයක්. (නි)
සුපුන් මධුරංග Sunday, 05 October 2014 05:01 AM
ඔය ගෙම්බගේ ගහණය වැඩිවෙන එක හැමදාම සිදුවෙන්නේ නෑ. පරිසරය මගින් ස්වාබාවිකවම පාලනයක් කරන්න (නදී)
විජේ Friday, 03 October 2014 10:05 PM
තායිලන්තයට යවන්න ආහාර පිණිස (නදී)
ජානක Friday, 03 October 2014 12:27 PM
ඇමරිකන් ගෙම්බෝ කොහොමත් ලෝකෙට කරදරයක් තමයි (නදී)
රුකී Tuesday, 07 October 2014 06:46 AM
මට නම් බන්දුල පෙරේරාව මතක් වෙනවා. (නදී)
අනුර Saturday, 04 October 2014 12:12 PM
අපේ පාර්ලිමෙතුවෙත් ඔය වගේම ගෙම්බෝ ඉන්නේ මුළු රටම විනාස කරන. (නදී)
පිටබැද්දර ජයා Friday, 03 October 2014 02:09 PM
මුන් මොන ගෙම්බොද? අපේ ඉන්න උන්නේ ගෙම්බෝ කියන්නේ. (නි)
ශාන් සෞදි Saturday, 04 October 2014 03:22 PM
බැරක් ඔබාමාගේ සහෝදරයෙක් වෙන්න ඇති එයත් ලෝකෙටම කරදරයක් නේ (නදී)
ගාමිණී සිරිවර්දන Friday, 03 October 2014 07:37 AM
ගෙම්බා බිත්තර දහස් ගණනින් දමා සිය වර්ගයා බෝකර ගනී.මිනිසාට විෂ නැති උරගයින් ,විශාල පක්ෂීන් ,උභය සිව්පා ජීවීන්,ලවා මොවුන්ගේ බෝවීම වඳකර ගතහැකියි !ගෙම්බා නිතරම පුම්බාගෙන සිටින නිසා ඇමෙරිකාවට වටිනවා එක් අතකට ! (ස)
නාලි Monday, 06 October 2014 11:28 AM
ආ ........... ඇමරිකන් ......නේ....? ඇමරිකාවේ ඊලග ජනාදිපති ඡන්ද ලකුණට කියාපු සංකේතේ. (නදී)
උපාලි Monday, 06 October 2014 11:47 AM
ඇමෙරිකන් ගෙම්බෝ මුළු ලෝකෙම විනාශ කරනවා! (නි)