IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


සුඩානයේ අවතැන් කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් 24 ක් මරුට

සුඩානයේ බටහිර ඩාර්ෆූර්හි අවතැන් කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 24දෙනකු පමණ මියගොස්  17දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර සාම සාධක හමුදාව පවසයි.

අරාබි ගෝත්‍රික පිරිසක් අවතැන් කඳවුරට පැමිණ වෙඩි තබා ඝාතනය කළ බවත් කඳවුරට ගිනි තැබූ බවත් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ ප්‍රකාශක අෂ්රෆ් අයිසා පැවසීය. 

ඔවුහු අසල පිහිටි රෝහලට කඩා වැදී ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කර ලේ බැංකුව ද විනාශ කර ඇත.

කඳවුරේ සිටි බොහෝ පුද්ගලයින් ආසන්න කඳුකරයට පලා ගොස් තිබේ.

ප්‍රචණ්ඩත්වය අවට ප්‍රදේශයට ද පැතිරී ඇති බවත් අවම වශයෙන් ගම් 10ක් පුළුස්සා ඇති බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මියගිය සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවද බලධාරීහු පවසති.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

සුඩානයේ අවතැන් කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් 24 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 587 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site