අර්ථාන්විත සාකච්ඡාවක් පැවැත්වීමට නම් තලේබාන් සංවිධානය ඔවුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ යුතු යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය.
සාකච්ඡා සාර්ථක කරගැනීමට නම් තලේබාන් සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියාවල සැලකිය යුතු අඩුවක් දැකිය යුතු යැයි ද හෙතෙම කීය.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී හමුවෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව කීවේය. ජනාධිපතිවරුන් දෙදෙනා අතර ඩාවෝස් නුවරදී සාකච්ඡාවක් පැවැත්විණි.
“ඇෆ්ගනිස්තානයේ අනාගතය වෙනුවෙන් තලේබාන් සංවිධානය පහසුකම් හා සහාය දැක්විය යුතුයි. ඒ නිසා තලේබාන් සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සැළකිය යුතු ලෙස අඩුවිය යුතුයි. ප්‍රචණ්ඩ ක්‍රියා දීර්ඝකාලීනව නැවැත්විය යුතුයි.
සාර්ථක සහ අර්ථාන්විත සාකච්ඡාවලට එය අවශ්‍ය බව ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළා” යැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සාකච්ඡා පවත්වන්න ප්‍රචණ්ඩ ක්‍රියා අඩු කළ යුතු බව ට්‍රම්ප් කියයි