IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ඇමෙරිකාවේ තානාපති පුටුවට යන ලකුණු

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ තරංජිත් සිං සන්දු මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්දීය තානාපතිවරයා ලෙස නුදුරේදීම රාජකාරී ආරම්භ කරනු ඇතැයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
 
ඇමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස කටයුතු කරන හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මේ සතියේදී ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ බාරගැනීමට නියමිත බව ද එම පුවත් වාර්තාවේ දැක්වේ.

ඉන්දු ඇමෙරිකා සබඳතා සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් සහ විශේෂඥතාවක් දක්වන්නකු ලෙස සැලකෙන තරංජිත් සිං සන්දු මහතා සහ හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා දිල්ලි විශ්ව විද්‍යාලයේ ශාන්ත ස්ටීවන් පාසලේ සමකාලීයන් මෙන්ම හෝකී කණ්ඩායමේ කණ්ඩායම් සගයන් යැයි ද එහි සඳහන් ය.

චීනයේ මැදිහත් වීම නිසා පහළ වැටුණු ඉන්දු-ලංකා සබඳතා ශක්තිමත් කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ වඩාත් වැදගත්ම පාර්ශවකරු බවට පත් කිරීමට තරංජිත් සිං සන්දු මහතා විශේෂ කාර්යභාරයක් කළේ යැයි ද ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර ඇත.

මෙම පත්වීම් සම්බන්ධයෙන් නිල නිවේදන ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත් තවත් රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් කිහිපයක්ම මේ සතියේදී සිදු කිරීමට නියමිත බවත් එහි සඳහන් ය. ඉන්දියාවට වැදගත් තවත් රටවල් දෙකක් වන ප්‍රංශය සහ නේපාලයට ද නව තානාපතිවරු පත් කිරීමට නියමිත යැයි ද එහි දැක්වේ. 

 
055



අදහස් (2)

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ඇමෙරිකාවේ තානාපති පුටුවට යන ලකුණු

Lankaputhra Thursday, 16 January 2020 02:53 PM

එතුමාට ජය වෙවා

:       0       0

CHANDIMA Thursday, 16 January 2020 08:31 PM

ලංකාවේ වැඩකළ කියන්නේ ලෝකේ ඕනෑම තැනකට සුදුසුයි කියන එක තමයි. වෙන රටවල්වල වගේ නොවෙයි. ලංකාවේ පාරවල්වල ත්‍රිවිල් එකක් ගියොත් යුධ ගුවන් යානා එලවන්න උනත් සුදුසුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 556 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 332 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 478 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site