ශක්තිමත්ව නැගිටිමු යන උපායමාර්ගයට අවධානය යොමු කළ යුතු යැයි ජී7 ලෝක නායක සමුළුව ආරම්භ කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසීය.
බ්‍රිතාන්‍යයේ ‘කෝන්වෝල්’හිදී මෙවර ජී7 සමුළුව ආරම්භ වූ අතර ‘කොවිඩ්-19’ වසංගතයෙන් පසු ශක්තිමත්ව නැගී සිටීම සඳහා “බිල්ඩ් බැක් බෙටර්” උපායමාර්ගය අනුගමනය කළ යුතු යැයි ද මෙතෙම කීවේය.
“අත්වැරැදීම්/අතපසුවීම්” වලින් ඉගෙන ගත යුතු බවත් විශේෂයෙන්ම 2008 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පාඩම් උගත යුතු බවත් විෂමතාවයේ කැළල්වලට පිළිතුරු සෙවිය යුතු යැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීය.
මෙවරට ජී7 සමුළුවේදී ‘කොවිඩ්-19’ එන්නත් බෙදාහැරීමේ ක්‍රියාවලියට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී තිබේ.
කෝන්වෝල්හි ගම්මානයක් වන කැබ්රිස් බේ ගම්මානයේ කැබ්රිස් බේ හෝටලයේ දී මෙම සාකච්ඡා පැවැත්විණි.
දිනක් මුළුල්ලේ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ජී7 ලෝක නායකයෝ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
එහිදි මහ රැජින ලෝක නායකයන්ට විහිළුවක් කළ බව ද දැනගන්නට ලැබේ.
ගෙවීගිය සතියේදී ප්‍රධාන වට මේස සාකච්ඡා පැවැත්වුණු අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ආරම්භක දේශනය කළේය.
වසංගතයෙන් පසු මේ වනවිට ලෝකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් එහිදි සමාජ මට්ටම් ඉහළ දැමීම සහ ශක්තිමත්ව නැඟී සිටීම (බිල්ඩ් බැක් බෙටර්) යන උපායමාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කීය.
“ඒ සඳහා අපට විශාල අවස්ථාවක් ඇතැයි මම හිතනවා. ජී7 සමුළුව තුළින් පිරිසුදු, පරිසර හිතකාමී ලෝකයක් සඳහා දේශගුණික විපර්යාසවලට ගැටලුවලට විසඳුමක් අප එක්ව නැඟී සිටිය යුතු යි. ඒ සඳහා පොදු දැක්මක් ඇතිව කටයුතු කළ යුතු යි. ඒ තුළින් එක්සත් විය යුතු” යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීවේ ය.
අධ්‍යාපනය සඳහා වන ගෝලීය හවුල්කාරීත්වයට ස්ටර්ලින් පවුම් මිලියන 430 ආධාරයක් ලබාදෙන බව ද එක්සත් රාජධානිය මෙහිදි නිවේදනය කළේය.
අවදානම් සහගත තත්ත්යේ සිටින දරුවන්ට, විශේෂයෙන්ම ගැහැනු දරුවන්ට වඩාත් හොඳ පාසල් අධ්‍යාපනයක් ලබාදීම කෙරෙහි මෙහිදි විශේෂ අවධානයක් යොමු කරන බව ද බ්‍රිතාන්‍ය රජය සඳහන් කළේය.
රොයිටර් සහ බී.බී.සී. ඇසුරිනි
2025 නොවැම්බර් මස 04
700
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’ශක්තිමත්ව නැගිටිමු’ උපායමාර්ගයට අවධානය ජී 7 අවධානය