විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100 ක තීරු බදු පැනවීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ, විදේශවල නිෂ්පාදනය කරනු ලබන සියලුම ආකාරයේ චිත්‍රපට සඳහා සියයට 100 ක තීරු බදු පැනවීමට තමන් තිරණය කළේ එම චිත්‍රපට හේතුවෙන් හොලිවුඩ් කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වීම නිසා බවය.
තීරු බදු පැනවීම සම්බන්ධයෙන් තමන් ඇමෙරිකන් වාණිජ දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි දුරටත් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අවධාරණය කර ඇත.
තමන් මෙම පියවර ගන්නේ හොලිවුඩ් සිනමාව යළිත් වරක් ලොව අංක එකේ සිනමාව බවට පත් කිරීමේ අරමුණින් යැයි ද ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)
ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ රන් පතලකින් මළසිරුරු 13 ක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
පාකිස්තානය අතීතයේ ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය මෙන්ම අනුග්‍රහය ද ලබා දුන් බව පාකිස්තානයේ හිටපු විදෙ
බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර, කැපකබානා වෙරළේ පැවැත්වුණු සුපිරි පොප් ගායිකා ලේඩි ගාගාගේ සංගීත ප්‍රසංගය ඉලක්ක කර ගනිමින් එල්ල වීමට සැලැසුම් කළ බෝම්
ඊශ්‍රායලයේ බෙන් ගුරියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් එල්ල වුණු දිගු දුර බැලැස්ටික මිසයිල ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉ
ඇමෙරිකාවේ ඇල්කට්‍රාස් බන්ධනාගාරය යළි විවෘත කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි.
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
pakeer Monday, 05 May 2025 11:48 AM
සුද්දෝ වැඩි පුර ඉන්න කාලේ... ඉංග්‍රීසි ෆිල්ම් වැඩී .. හැබැයි දැන් වැඩි පුර ඉන්නේ ඉන්දියන් කාරයෝ ... චීන කාරයෝ ... එතකොට ඒවා වැඩී
Kamal Koyrala Monday, 05 May 2025 01:34 PM
සැමට හොඳ අවස්ථාවක්... එම ක්‍රමයම අනික් රටවල් හොලිවුඩ් චිත්‍රපටිවලට අය කළ යුතුයි.