
යුක්රේනයේ ක්‍රෙමෙන්චොක් නමැති නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට එල්ල වූ රුසියන් මිසයිල ප්‍රහාරයකින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 59 කි.
යුක්රේන හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ප්‍රධානී සර්ගේ ක්රුක් මාධ්‍ය හමුවේ පැවැසුවේ, මිසයිල ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සියලුම දෙනා සිවිල් වැසියන් බවය.
මිසයිල ප්‍රහාරය එල්ල වෙද්දී දහසකට වැඩි පිරිසක් සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලේ සිටි ඇත. ඔවුන් රුසියානු මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ගොඩනැගිල්ල තෝරා ගෙන ඇති බව පැවැසෙයි.
මිසයිල ප්‍රහාරයෙන් වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ල පිපිරී ගිනි ගත් අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. පිපිරී ගිනිගත් වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ල කඩා වැටීමත් සමඟ එය තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණැයි ද වාර්තා වේ.
මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ‘ජී7’ රාජ්‍ය නායක සමුළුව ජර්මනියේ බැවේරියානු ඇල්ප්ස් කඳුකරයේ නිවාඩු නිකේතනයක පැවැත්වෙද්දීය. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ආමන්ත්‍රණය කළේය.
රුසියාවට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරන්නැයි ‘ජී7’ නායකයන්ගෙන් යුක්රේන ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ අතර ‘ජී7’ නායකයෝ ඊට එකඟත්වය පළ කළහ. ක්‍රෙමෙන්චොක් නගරයේ වෙළෙඳ සංකීර්ණයට එල්ල වුණු මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් ‘ජී7’ නායකයන් සිය අප්‍රසාදය පළ කළ බව ද වාර්තා වේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙළෙඳ සංකීර්ණයකට මිසයිල ප්‍රහාරයක්