IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


වැස්සෙන් කෙන්යාවේ පුද්ගයන් 200 ක් මරුට

අධික වර්ෂාව හේතුවෙන් කෙන්යාවේ පුද්ගයන් 200 ක් පමණ මියගොස් ඇතැයි එරට රජය පවසයි.

වගා බිම් අක්කර 8 000ක් පමණ විනාශ වී ඇති අතර තවත් බොහෝ අලාභ හානි සිදුවී ඇති බව සඳහන් වේ.

ගංවතුර හා නාය යෑම් හේතුවෙන් බොහෝ පිරිස් අවතැන් වී ඇත.

නයිල් හා නසෝයා ගංගා පිටාර ගලා ඇති අතර වික්ටෝරියා විලෙහි ජල මට්ටම ඉහල ගොස් ඇත.

මැයි මාසය පුරාම වර්ෂාව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ. 

මෙම අයහපත් කාළගුණික තත්ත්වය අප්‍රිකානු මහාද්වීපයේ නැගෙනහිර රටවල් කිහිපයකටම බලපා ඇත.

රුවන්ඩාවේ 45දෙනකු පමණ ද සෝමාලියාවේ 16 දෙනකු ද ගංවතුර හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.

උගණ්ඩාවේ බටහිර ඇතිවූ ගංවතුර හේතුවෙන් රෝහලක රෝගීන් 200ක් පමණ සිරවී සිටින බව වාර්තා වි තිබේ.

නැගෙනහිර අප්‍රිකානු රටවල ජනතාව කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් සහ පළඟැටි ආක්‍රමණ හේතුවෙන් ද පීඩා විඳිති.

කෙනයාවේ මේ වනවිට කොරෝනා රෝගීන් 582ක් වාර්තා වී ඇති අතර මරණ 26ක් සිදුවී තිබේ.

(බීබිසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

වැස්සෙන් කෙන්යාවේ පුද්ගයන් 200 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 474 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 473 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site