IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වසර 4000ට පෙර වල් බළලා ගෙට ඇවිත්

ගෘහස්ථ බළලූන් ඇති කිරීම ආරම්භ කර ඇත්තේ චීන ජාතිකයින් බව සනාථ කෙරෙන සාක්කි සොයාගැනීමට ඇමරිකාවේ වොෂින්ග්ටන් සරසවියේ පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.

චීනයේ ෂැන්ක්සි ප්‍රාන්තයේ   පුරාවිද්‍යාත්මක කැණීම් ආශ්‍රයෙන් මෙම සාක්කි සොයාගැනීමට පුරාවිද්‍යාඥ පිරිසට හැකිව ඇති බව සදහන්වේ. මින් පෙර විශ්වාසය වූයේ වසර 4000 කට පමණ ඉහතදී ඊජිප්තු ජාතිකයින් ගෘහස්ත බළලූන් ඇති කිරීම ආරම්භ කරන්නට ඇතැයි යන්නය.නමුත් හමුවී ඇති නවතම සාක්ෂි අනුව චීන ජාතිකයින් ඊට වසර 1000 කට පමණ පෙර සිට ගෘහස්ථ බළලූන් ඇති කිරීම ආරම්භ කර ඇතැයි අනාවරණයව තිබේ.

මෙම බළලූන් එවක චීනයේ බොහෝ ප්‍රදේශයන්හි වගා කර තිබූ මිලට් වගාවන්ට හානි කිරීමට පැමිණෙන මීයන් දඩයම් කිරීම සදහා යොදාගෙන ඇති බවක් පෙනෙන්නට ඇතැයි පර්යේෂණය මෙහෙයවූ පුරාවිද්‍යාඥ පිරිස කියයි.මුලදී වනයේ සිට පැමිණි වල් බළලූන් මීයන් දඩයම් කර වනයටම පලා ගියද බළලූන්ගෙන් ලබා ගත හැකි වාසිය දුටු ගොවියන් බළලූන්ට ආහාර පාන ලබා දී ගෘහස්තකරණය කරන්නට ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි.

දැනට නිවෙස් වල වෙසෙන බළලූන්ගේ ආදිතමයින් වල් බළලූන් ලෙස සැළකේ.මෙම වල් බළලූන් අදටත් මැදපෙරදිග හා අප්‍රිකා රටවල දැකිය හැක.



අදහස් (0)

වසර 4000ට පෙර වල් බළලා ගෙට ඇවිත්

සම්පත් Wednesday, 18 December 2013 12:22 PM

ලංකාවෙත් වල් බළලුන් සිටිනවා. තාම පරීක්ෂනයක් කරලා නැති උනාට. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site