ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද ලෙස සැලකෙන හවායි දූපතේ පිහිටි ‘මෝනා ලෝආ’ ගිනි කන්ද (යමහල) වසර 40 කට පමණ පසු පුපුරා යෑමට පටන්ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හවායි දූපත් යනු ඇමෙරිකාවට අයත් ජනපදයකි. හවායි දූපත් බොහොමයක ගිනි කඳු දකින්න ලැබේ. ‘මෝනා ලෝආ’ ගිනි කන්ද ඇත්තේ ‘බිග් අයිලන්ඩ්’ යනුවෙන් හැඳින්වෙන හවායි දූපතේ, යමහල් ජාතික උද්‍යානයේය.
මීටර් 4,169 උස ‘මෝනා ලෝආ’ ගිනි කන්ද, වර්ග කිලෝ මීටර් 5,179 ක් පුරා විසිරී පවතී. ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේ පසුගිය ඉරිදා (27) රාත්‍රී 11.30 ට පමණය.
ඊයේ (28) වනවිටත් ලාවා දකින්න ලැබුණේ ගිනි කන්ද මුදුණේ, ගිනි කඳු කුහරය අවට පමණි. ගිනි කන්ද අවට පහළ සහ ගිනි කන්ද අසල නගරවල ප්‍රදේශවල ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ජීවත් වෙති.
ගිනි කන්ද පුපුරා යෑමට පටන්ගෙන ඇති බව ඔවුන්ට දැනුම් දීමට හවායි බලධාරීන් කටයුතු කර ඇත. ඉදිරි දිනවලදී ගිනි කන්ද තවත් සක්‍රීය වීමට ඉඩ ඇති බව හෝ එය එසේ නොවීමට ඉඩ ඇති බව ගිනි කදු පිළිබඳ අධ්‍යයනය කරන යමහල් විද්‍යාඥයෝ පැහැදිලි කරති.
ඇමෙරිකානු භූ විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, 1843 වසරේ දී ‘මෝනා ලෝආ’ ගිනි කන්ද 33 වරක් පුපුරා ගියේය. අවසන් වරට ‘මෝනා ලෝආ’ පුපුරා ගියේ 1984 වසරේදීය. එම පිපිරුමෙන් නිකුත් වුණු ලාවා සැතපුම් පහක් ඈතින් හිලෝ නගරයට ද ගමන් කළේය. ‘හිලෝ’ යනු ‘බිග් අයිලන්ඩ්’ දූපතේ ජනගහනය වැඩිම නගරයයි.
‘මෝනා ලෝආ’ ට වඩා විශාල ගිනි කඳු ලෝකයේ දකින්න ලැබේ. එහෙමත්, යමහල් විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, ලොව සක්‍රීය ගිනි කඳුවලින් විශාලතම ගිනි කන්ද ‘මෝනා ලෝආ’ ය. ‘මෝනා ලෝආ’ ගිනි කන්දට වඩා විශාල ගිනි කඳු සියල්ල ඇත්තේ නිද්‍රාශීලීවය. එයින් අදහස් වෙන්නේ එම ගිනිකදු වසර ගණනාවකින් සක්‍රීය වී පුපුරා ගොස් නැති බවය. එසේත් නැතිනම් ඒවා ආයේ යළි කිසිදිනෙක පුපුරා නොවන බවය.
‘බිග් අයිලන්ඩ්’ දූපතේ තවත් විශාල ගිනි කන්දක් ද ඇත. ඒ, ‘මෝනා කීයා’ ගිනි කන්දය. කන්දක් සේ සැලකුවොත් ‘මෝනා කීයා’ යනු ලොන විශාතම කන්දය. මෙම කන්දේ පාදම ඇත්තේ අඩි 20,0000 ක් මූදු පතුලේය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වසර 40 කට පසු පිපිරෙන ගිනි කන්ද