සාහසිකයෙකුගේ පහර කෑමට ලක්වීමෙන් මොළයට සිදුවූ තුවාළ නිසා වසර 42 ක් මුළුල්ලේ කෝමා තත්ත්වයෙක් පසුවූ ඉන්දියා ජාතික හෙදියක පසුගියදා සදහටම දෙනෙත් පියාගත්තාය.
අරුණා ෂන්බවුග් නම් වන මේ හෙදිය ගතවුනු කාලය පුරාවටම සිටියේ ඉන්දියාවේ මුම්බායිහි එඞ්වඞ් රජු අනුස්මරණ රෝහලේය.ඇය මියයෑමට හේතුව හදිසියේ ඇතිවූ නිව්මෝනියා රෝගී තත්ත්වයක් බව වෛද්‍යවරු කියති.
කෝමා තත්ත්වයට පත්වූ පුද්ගලයෙකුගේ මොළය අර්ධ වශයෙන් අඩපණව තිබෙන අතර ශරීරයේ අනෙක් ඉන්ද්‍රියන් සාමාන්‍ය පරිදි කි‍්‍රයාත්මක වේ.කෝමා තත්ත්වයෙන් පුද්ගලයෙකු ඉන් මුදවා ගැනීමට බොහෝ අවස්ථාවන්හිදී වෛද්‍යවරු නොපෙළඹේ.මොළය යනු ඉතා සංවේදී අවයවයක් වීම ඊට හේතුවයි.
ඇය කෝමා තත්ත්වයට පත්ව ඇත්තේ 1973 වසරේදීය.ඇයට මියයෑමට ඉඩ දෙන්නැයි ඉල්ලා නොයෙක් වර පෙත්සම් ඉදිරිපත්වූ අතර ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සෑම පෙත්සමක්ම ප‍්‍රතික්ෂේප කළේය.රෝහලේ හෙද කාර්යමණ්ඩලයද අරුණාට මියයෑමට ඉඩනොදෙන්නට අදිටන් කරගෙන සිටියහ.කෝමා තත්ත්වයට පත්වූ දා පටන්ම අරුණාට ආහාරපාන ලබාදීම,ඇයව පිරිසිදු කිරීම ආදී සියලූදේ සිදුකළේ ඔවුන්ය.
අරුණාට පහර එල්ල කළ සාහසිකයා මෙම රෝහලේම සේවය කළ අයෙකු වන අතර ඔහු අරුණාගේ ගෙල බලූ දම්වැලකින් සිරකර ඇය දූෂණය කර ඇත.අරුණා කෝමා තත්ත්වයට පත්ව තිබෙන්නේ ගෙලට සිරවූ දම්වැලෙන් මොළයට රුධිරය ගෙන යන නාළ අවහිර වීම නිසාවෙනි.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුණු අතර නියමිත සිරදඩුවම් කාලය ගතකිරීමෙන් පසු ඔහු මේ වන විට නිදහස්ව දිල්ලි නුවර බලා සංක‍්‍රමණයව ඇතැයි සඳහන්ය.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසර 40ක් රෝහලේ සිටි හෙදිය කනත්තට : මිනීමරුවා ගෙදර
චමිල Tuesday, 19 May 2015 11:32 AM
ඇය මිය ගිය එක හොදයි.නැත්තම් තවමත් දුක් විදිනවා.(හේ)
සොපී Wednesday, 20 May 2015 08:12 AM
වසර 40 ඇයව බලාගත් අයට පින්.....! (ම)
විජිත හේරත් Wednesday, 20 May 2015 03:55 PM
හෙදිය ගෙවල තියෙන්නෙත් පෙර කළ අකුසල කර්මයක් තමයි. ඊළග ආත්මයේ සුවදායි ජීවිතයක් පතමු. (බ)
නිලූප Tuesday, 19 May 2015 02:30 PM
මෙයයි සසර ගමනේ ස්වභාවය...! (නි)
චන්න බුවනක Tuesday, 19 May 2015 02:34 PM
මම දැක්කා ඉන්දියාවේ වීඩියෝ එකක්. දැරියක් දූෂණය කළ කෙනෙකුට පහරදෙන අයුරු. මේක කළ මිනිහටත් එසේ කළා නම් හරි (නි)
අකිල Tuesday, 19 May 2015 06:52 AM
මරුවා කනත්තට යවන නීති හදන්න. මරණීය දණ්ඩනය ඉවත්කිරීමේ ප්‍රතිඵලය මේක තමා. මරණීය දණ්ඩනය තිබෙනවා නම් මේ වගේ සිද්ධි අඩුකර ගන්න පුලුවන් (නි)
නානිවී Tuesday, 19 May 2015 03:52 PM
අහෝ ! මේ භවය කොතරම් දුකද ? ඇයගේ මෙම කර්මය මෙම භවයේදීම නිම වේවා ! (බ)
විමුක්ති Tuesday, 19 May 2015 07:14 AM
මිනිසත් ආත්මයක් ලැබුනේ පෙර පිනක් නිසා. මේ කළ දේ නිසා උපදින හැම ආත්මෙකම පව් පසුපස එනවා සිකුරුයි. (නි)
දුමින්ද Tuesday, 19 May 2015 07:32 AM
බියකරු සසර ගමන .(හේ)
ගයාන් Tuesday, 19 May 2015 07:31 AM
ඇයට නිවන්සුව ලැබේවා.(හේ)