IMG-LOGO

වසර 40කට පසුව ජපානය න්‍යෂ්ටික බලය අත්හරී

වසර 40කට පසුව මුල්ම වතාවට ජපානය සිය බලශක්ති උත්පාදන කටයුතු සඳහා න්‍යෂ්ටික බලය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ අනුව මෙතෙක් කි‍්‍රයාත්මක වූ අවසන් න්‍යෂ්ටික බලාගාරය ලෙස සැලකෙන හොකයිඩෝ දුපතේ පිහිටි ටොමාරි න්‍යෂ්ටික බලාගාරයේ වැඩකටයුතු සියල්ල නවතා දමා ඇතැයි ද වාර්තා වේ. ඉකුත් වසරේදී ජපානයට බලපෑ ප‍්‍රබල භූකම්පනයෙන් අනතුරුව හට ගත් සුනාමි රළ හේතුවෙන් ටෝකියෝ නුවරට නුදුරින් පිහිටි ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුවීමේ බරපතළ අවදානමක් ඇති විය. ඒ හේතුවෙන් ජපන් ජාතිකයන් තුළ න්‍යෂ්ටික බලශක්ති භාවිතය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතුවිය. මෙකී තත්ත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස වසර 1970න් පසුව පළමු වතාවට පරමාණු ශක්තිය බලශක්තියක් ලෙස යොදා ගැනීම මුළුමනින්ම අත්හිටුවනු ලැබූයේ මේ වතාවේදීය. අවසන් වතාවට ජපානය මෙවන් කි‍්‍රයාමාර්ගයක් ගනු ලැබූයේ 1970 මැයි 4 වැනිදාය. ඒ න්‍යෂ්ටික බලය නඩත්තු කිරීමේ කටයුත්තක් සඳහාය. මේ අයුරින් න්‍යෂ්ටික බලය භාවිතයට ගැනීමෙන් වැළකීමට ජපානය කි‍්‍රයාකිරීමත් සමඟ එරට සතුව තිබෙන න්‍යෂ්ටික ප‍්‍රතිකි‍්‍රයාකාරක 50ම භාවිතයෙන් ඉවත් කර ඇති බව ජපාන බලධාරීහු පැවසූහ. ජපානය ගත් මේ පියවරත් සමඟ ලොව න්‍යෂ්ටික බලවතුන් හට න්‍යෂ්ටික බලය භාවිත කිරීම සම්බන්ධයෙන් දෙවරක් සිතීමට බල කෙරෙන තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ ඇති බව විදෙස් විශ්ලේෂකයෝ පවසති. ජපානයේ න්‍යෂ්ටික අවදානම සම්බන්ධයෙන් අදහස් දැක්වූ  එරට සිටින සුප‍්‍රකට සාහිත්‍යධරයකු වන හරුකි මුරකමි මෙසේ පැවසීය. ‘‘මේ වතාවේදී කිසිවකු ජපානයට බෝම්බයක් හෙළුවේ නැත. ඊට පසුබිම සකසා ගත්තේ අප විසින්මයි. අපි අපේ අතින්ම මේ අපරාධය සිදු කළා. අප අප විසින්ම භූමිය විනාශ කළා. අපේ ජීවිත අප විසින්ම විනාශ කර ගත්තා.’’ මෑත කාලයේ න්‍යෂ්ටික බලය භාවිතයට ගැනීමේදී මුහුණ පෑ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමෙන් පැහැදිලි වන කරුණක් වන්නේ න්‍යෂ්ටික බලය මිහිතලය මත ජීවයේ පැවැත්මට අභියෝගයක් එල්ල කර ඇති බව යැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.



අදහස් (0)

වසර 40කට පසුව ජපානය න්‍යෂ්ටික බලය අත්හරී

රවී Wednesday, 09 May 2012 08:12 AM

බොහොම හොද දෙයක්. එරට සතුව තිබෙන න්‍යෂ්ටික ප‍්‍රතිකි‍්‍රයාකාරක 50ම භාවිතයෙන් ඉවත් කිරීම නිසා ඒවා ලංකාවට ගෙනෙයිද? සාමාන්‍ය ක්‍රමය ඒකනේ.

:       0       0

ටී.එම් සංජීව Monday, 14 May 2012 11:48 AM

හොඳ අදහසක්,අවධානමින් මිදීමක්, මොකක්ද විකල්පය?

:       0       0

ධම්මා Monday, 07 May 2012 10:05 PM

ජපන්නුන්ට පුළුවන් නම් ඇයි අනිත් අයට බැරි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 95 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 674 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site