IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


වසංගතයේ සුලමුල ගැන කඩිනමින් වාර්තාවක් ඕනෑ - බයිඩන්

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් දින 90 ක් ඇතුළත තමන්ට ලබා දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, එරට සී.අයි.ඒ ඇතුළු බුද්ධි අංශ ප්‍රධානීන්ට පවසා ඇත.

'කොවිඩ් 19' වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ වූහාන් නුවරිනි. වූහාන් නුවර, චීන රජයට අයත් වයිරස රසායනාගාරයක් ද පිහිටා තිබේ.

මෙය ආසියාවේ විශාලතම වයිරස බැංකුව ලෙස ද හැඳින්වෙයි. කොරෝනා වයිරස රැසක් මෙම රසායනාගාරයේ ගබඩා කර ඇත්තේ පර්යේෂණ සඳහාය.

එසේ පර්යේෂණවලට යොදා ගත් වයිරසයක් රසායනාගාරයෙන් කන්දු වී ලොව එය ව්‍යාප්ත වන්න ඇති බවට ඇමෙරිකන් බුද්ධි අංශ මීට පෙර අවස්ථා කීපයකදී අනාවරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය වූහාන් යැවූ විශේෂ විමර්ශන කණ්ඩායම මෙම රසායනාගාරය පරීක්ෂාවට ලක් කළත්, ඔවුන්ට පැහැදිලි සාක්ෂි කිසිවක් ලැබුණේ නැත.

කෙසේ නමුත් පසුගිය දා යළිත් බුද්ධි වාර්තා එළියට ආවේ වූහාන් නුවරින් කොරෝනා වයිරස ව්‍යාප්තිය ආරම්භයට පෙර, වූහාන් රසායනාගාරයේ වෛද්‍ය පර්යේෂකයන් කීප දෙනකු රෝගී වී ප්‍රතිකාර ලැබූ බවටය.

'කොවිඩ් 19' වයිරසයේ සුලමුල ගැන තවමන්ට පැහැදිලි වාර්තාවක් අවශ්‍ය බව ඇමෙරිකන් ජනාධිපතිවරයා එරට බුද්ධි අංශවලින් ඉල්ලා සිටියේ මෙම සිදුවීම සැලවීම මුල්කොට ගනිමින් යැයි විදෙස් පුවත් සේවා පැහැදිලි කරයි.

(රොයිටර්)



අදහස් (1)

වසංගතයේ සුලමුල ගැන කඩිනමින් වාර්තාවක් ඕනෑ - බයිඩන්

Sri Lanka Thursday, 27 May 2021 09:00 PM

අන්න එහෙම තමයි ඉන්න ඕන. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් මේක ජාත්‍යන්තර ගේමක්.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site