IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වැසිකිළි ගිහින් නැගිටින්න බැරිවේ

නොසන්ඩාලයකුගේ වැඩක් නිසාවෙන් වැසිකිළි පෝච්චියට ‘‘ඇලවී‘ සිටින්නට සිදුවූ කාන්තාවක ගැන ඇමරිකාවෙන් වාර්තා වේ.

ඇමරිකාවේ ජොර්ජියා ප‍්‍රදේශයේ පිහිටි සාප්පු සංකීර්ණයකදී මේ අලකලංචියට මුහුණ දීමට ඇයට සිදුව ඇතැයි සඳහන්වේ.

ඇතිවූ හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් වැසිකිළිය භාවිතා කර ඇති ඇය වැසිකිළි අසුනින් නැගිටීමට නොහැකි වූ තැන උදව් ඉල්ලා කෑ ගසා ඇත.

දැනුම්වත් කිරීමකින් පසු එතැනට පැමිණි ගිනි නිවීම් භටයින් ඇයව කිසිදු උපද්‍රවයකින් තොරව වැසිකිළි පෝච්චියෙන් වෙන් කර තිබේ.

පසුව කළ සොයාබැලීමකදී වැසිකිළියේ තිබී ඉතා ප‍්‍රබල මැලියම් වර්ගයක ටියුබයක් හමුවී ඇති අතර කිසියම් පුද්ගලයෙකු එම මැලියම් වැසිකිළි අසුනේ ආලේප කර තබන්නට ඇතැයි සැක කෙරේ.

 



අදහස් (0)

වැසිකිළි ගිහින් නැගිටින්න බැරිවේ

නිසංසලා Tuesday, 10 December 2013 02:59 PM

මේ වගේ පිස්සු වැඩ කරන මිනිස්සුන්ට මතක හිටින පාඩමක් උගන්වන්න ඕනා.(නදී)

:       0       0

ජූඩ් Wednesday, 11 December 2013 10:20 AM

පොඩ්ඩක් හිතලා බලන්න පොඩි ළමයෙක් ඇවිත් ඉඳ ගත්තා නම් ඉවරයි නේද?? ඇමෙරිකාව අනාගතේ මේකට පිලියමක් වශයෙන් යන්ත්‍රයක් හදයි. අපේ රටේ කවුරුවත් ඔය වගේ බාල වැඩ කරයි කියල හිතන්න බැහැ. (ස)

:       0       0

සනී Tuesday, 10 December 2013 08:34 PM

ඒකෙත් හැටි? (නි)

:       0       0

ආරියසේන Tuesday, 10 December 2013 08:36 PM

මේ වගේ වැඩ කරලා විනෝදයක් ලබන මානසික රෝගීන් ලෝකයේ හැම රටකම ඉන්නවා (නි)

:       0       0

මොහමඩ් Tuesday, 10 December 2013 08:36 PM

නුවන්,ඔබද මේකේ අයිතිකාරයා? (නි)

:       0       0

අබ්දුල් Tuesday, 10 December 2013 03:25 PM

පිටබැද්දර ජයා අයියෙ, ඔයාට තේරුන එක අනිත් අයට තවම තේරිලා නැහැ වගේ. (ස)

:       0       0

ශාන්ත Tuesday, 10 December 2013 09:12 PM

පිස්සු වගේ මට නම් (නි)

:       0       0

වසන්ති Tuesday, 10 December 2013 09:14 PM

පිස්සෙක් කරපු වැඩක් වගෙයි (නි)

:       0       0

සෑම් Tuesday, 10 December 2013 10:30 PM

ප්‍රසන්න, ඔයා ඒක කළාට ලංකාවේ හැමෝම ඒවා නෙමෙයි කරන්නේ. ඔයා එහෙම කරන්න යන්න එපා හොදේ. (නි)

:       0       0

ඉසුරු Tuesday, 17 December 2013 07:30 AM

පාසල් වලට පැනල වෙඩි තියන ඇමෙරිකාවේ ඕව සුළු දේවල් ලෝකේ පොලිස් කාරයාගේ රටනේ (නදී)

:       0       0

රූපා Tuesday, 17 December 2013 06:46 PM

පිටකොටුවේ ගුණසිංහ ප්‍රතිමාව ගාව සල්ලි ගෙවන වැස්කිලියක් තියෙනවා, . මාර පිරිසින්දුයි (අ)

:       0       0

ප්‍රසන්න- සෞදි Tuesday, 10 December 2013 04:21 PM

හොයල බලන්න ලංකාවේ කෙනෙක්ද සුද්ද පවිත්‍ර කරන්න ඉන්නේ කියලා. (ස)

:       0       0

ශාන්ති Wednesday, 11 December 2013 02:19 AM

පිස්සෙක් කරපු වැඩක් වගේ (නි)

:       0       0

කුමාර Wednesday, 11 December 2013 03:32 AM

ගම් එක කොහොම වැසිකිළියේ ගෑවුණාද කියලා කවුද දන්නේ? (නි)

:       0       0

කුමාරි Tuesday, 10 December 2013 12:45 PM

මේ වගේ මානසික රෝගීන් ලොව පුරාම ඉන්නවා. (ස)

:       0       0

ලාල් Wednesday, 11 December 2013 04:17 AM

මේවගේ පුවත් වැඩිය පළකරන්න එපා. මොකද ලංකාවෙත් ඔයවගේ නොසන්ඩාලයෝ ඉන්නවා.මේවා දැක්කොත් ඉවරයි (නි)

:       0       0

විරාජ් විජේවර්ධන Thursday, 12 December 2013 12:08 AM

BMICH අන්න නියම වැසිකිලි.. සත පහක් ගන්නේ නෑ. එංගලන්තේ වගේ (ස)

:       0       0

හසිත Tuesday, 10 December 2013 12:58 PM

ඔව් කුමාරි... මමත් ඔයා සමග එකඟ වෙනවා. අනුන්ට දුකක් වේදනාවක් දීල සතුටු වෙන මේ වගේ නරුමයන්ට මතක හිටින පාඩමක් උගන්වන්න ඕනේ.(නදී)

:       0       0

දයාල් Wednesday, 11 December 2013 04:27 AM

මානසික අසහනකරුවෙකුගේ වැඩක් (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 11 December 2013 06:11 PM

කලින් ගිහින් තියෙන්නේ ගම් වලට කැමති කෙනෙක් වෙන්න ඇති (නි)

:       0       0

බමුණු Tuesday, 10 December 2013 01:03 PM

දැනට දින දෙකකට පෙර මමත් මෙම වර්ගයේ මැලියම් වර්ගයකින් වැඩක් කර අවසානයේදී බලන විට මැලියම් තැවරුණ ඇඟිලි දෙකක් එකට ඇලවිලා බොහොම අමරුවෙන් බ්ලේඩ් තලයක උපකාරයෙන් ඇඟිලි වෙන් කර ගත්තා.(නදී)

:       0       0

බමුණු Tuesday, 10 December 2013 01:04 PM

මේවා ප්‍රායෝගික විහිළු නමුත් සැර වැඩී. (නදී)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 10 December 2013 05:58 PM

මේවා අැමෙරිකාවෙමයිනේ වෙන්නේ. (නි)

:       0       0

පාලි Tuesday, 10 December 2013 06:02 PM

සමදරා, මම ඔයාව අලවන්නම්. ඒත් අාපහු ගලවන්න නම් කියන්න එපා. මොකද මම හකබොන්ඩ් තමයි පාවිච්චි කරන්නේ (නි)

:       0       0

නුවන් (මහනුවර) Tuesday, 10 December 2013 06:10 PM

මහනුවර තැනක තිබෙනවා අති සුඛෝපභෝගි වෙළද සංකීර්ණයක්. ඒක ඇතුළේ ති‍යෙන වැසිකිළිය භාවිතා කරන්න රු. 20/= ක් ගන්නවා. හැබැයි අපරාදේ කියන්න බැහැ, හරිම පිරිසිදුයි. වතුර පොදක්වත් බිම වැටිලා නැහැ. හැම වෙලාවෙම සේවකයෙක් පිස දමනවා. අත් වේලාගන්න උණූසුම් හුළං එන මැෂින්,  අත් පිසගන්න පේපර් ටිෂූ, විශාල කණ්නාඩි, ස්ටිල් වතුර කරාම, මේ හැම දෙයක්ම තියෙනවා.කිසිම අහිතක් නැතුව යන්න පුලුවන් තැනක්. මේ වගේ පිරිසිදු වැසිකිළි ලංකාවේ හැම නගරයකම හදන්න ඕනෑ. රුපියල් 20/= ට වඩා පිරිසිදුකම කෝටියක් වටිනවා. එහෙම නේද? (නි)

:       0       0

සමදරා Tuesday, 10 December 2013 01:41 PM

අපිව අලවන්න කෙනෙක් නැහැනේ.(නදී)

:       0       0

කටා මාමා Tuesday, 10 December 2013 06:19 PM

මොනවා හරි අදහසක් දාල තිබුනොත් පුරුද්දට කියවනවා. ටිකක් හොද ප්‍රවෘත්ති ටිකක දැම්මා නම් බලන්න තිබුනා.(නදී)

:       0       0

චාමික දනංජය Tuesday, 17 December 2013 12:23 PM

මේවා මහා ජරා වැඩ.(නදී)

:       0       0

අල්විස් Wednesday, 11 December 2013 07:02 PM

මේ වගේ දේවල් කියවන අපේ රටේ ඉන්න සමහරුත් මේවා කරලා සතුටක් විඳින්නට ඉඩ තියෙනවා (නි)

:       0       0

සමන් Wednesday, 11 December 2013 08:17 AM

නුවන්, ඔබ කියන වැසිකිළියට අය කරන්නේ රුපියල් 10/-යි. පිටකොටුවේ දුඟද හමන කිසි පහසුකමක් නැති වැසිකිළියේ රු 7/- ගන්නවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 10 December 2013 02:34 PM

ඇමරිකාවේ ගැහැණු පිරිමි එකම වැසිකිලියටද ? මොකද මේ වැඩේ නොසන්ඩාලයෙකුගේ කියල දාල තියෙන නිසයි ඇහුවේ ? හරි නම් නොසන්ඩාලියකගේ වැඩක් වෙන්න එපැයි. (ස)

:       0       0

මදූ ෂෙරීනා Tuesday, 10 December 2013 07:31 PM

සමහරු සතුටක් ලබන්නේ තවත් කෙනෙක් දුකට කරදරයට ඇදලා දාලා. ඒක මානසික ලෙඩක්.(නදී)

:       0       0

ලක්මාල් Wednesday, 11 December 2013 08:44 AM

ඇය සපත්තු නොදාද ගිහින් තියෙන්නේ? (නි)

:       0       0

බණ්ඩා Tuesday, 10 December 2013 07:40 PM

ලංකාවේ චෝ-ගම් ගාලා තිබුනොත් නැගිටිනවා බොරු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 75 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site