IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


විලියම් කුමරුන්ට කොරෝනා එන්නත ලැබේ

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තේය. ඒ, එංගලන්තයේ අවුරුදු 34 ට වැඩි සැමට එන්නත් ලබා දීම ආරම්භ වීමත් සමඟය.

විලියම් කුමරුන් ට එන්නත ලබා ගැනීමට හැකි වුවත්, කේම්බ්‍රිජ් ආදිපාදවරිය යන නාමයෙන් ද හැඳින්වෙන විලියම් කුමරුන්ගේ බිරිඳ කේට් මිඩ්ල්ටන්ට තවමත් එන්නත ලබා ගැනීමට අවස්ථාවක් උදා වී නැත.

විලියම් කුමරුන් ලබා ගත්තේ කුමන එන්නදැයි මාධ්‍ය වාර්තා කර නැත. බ්‍රිතාන්‍යයේ අවුරුදු 3 ට වැඩි බොහෝ දෙනාට ලබා දීම සිදුවූයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතය. කෙසේ නමුත් රුධිර කැටි ගැසීම් වාර්තා වීමත් සමඟ බොහෝ දෙනා එම එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බව පැවැසෙයි.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පියා චාල්ස් කුමරු කොරෝනා ආසාදිතයකු විය. ඉන් දින කිහිපයකට පසු 38 හැවිරිදි විලියම් කුමරුන් ද ආසාදිතයකු බව තහවුරු විය.

එන්නත ලබා ගැනීමෙන් පසු කොරෝනා වසංගතය හමුවේ උදාර සේවයක් ලබා දෙන බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශයට ස්තුති කිරිමට ද විලියම් කුමරු අමතක නොකළේය. ඒ ට්විටර් පණිවුඩයක් ඔස්සේය.

ලන්ඩනයේදීය (රොයිටර්)



අදහස් (2)

විලියම් කුමරුන්ට කොරෝනා එන්නත ලැබේ

Sri Lanka Friday, 21 May 2021 09:10 PM

දාන්න වෙන එකක් එහෙම නැද්ද? 

:       0       0

Rata Perata Saturday, 22 May 2021 06:29 AM

අපේ රටේ නම් රට කන බලපුළුවන්කාරයින් ටික තමයි ඉස්සරවෙලා විදගත්තේ. එක එකාට වඳින බයියෝ ඉන්න රටක අවනීතිය රජකරනවා.

:       3       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site