IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වූ බවට ඇති චෝදනා අසත්‍යයි

තෙහ්රාන් අගනුවර පැවැති විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වූ බවට තමන්ට එල්ල වන චෝදනා අසත්‍ය යැයි ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා අද (12) පැවැසීය.

අත්වැරැදීමකින් එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් යුක්රේන ගුවන් යානයට කඩා වැටුණේ යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී ප්‍රකාශ කිරීමත් සමඟ ඉරාන අගනුවරදී විරෝධතා පැවැත්විණි. යානය මිසයිල ප්‍රහාරයට ලක්වෙද්දී එහි 176 දෙනකු සිටි අතර අනතුරින් එහි සියල්ලෝම මරුමුවට පත්වූහ.

මියගිය අය සිහිපත් කරමින් ඉරානයේ තෙහ්රාන් නුවර අමීර් කබීර් විශ්ව විද්‍යාලය ඉදිරි පිටට එම විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ එක්රැස් වූහ.

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති රොබ් මැකයර් විරෝධතාකරුවන් කුපිත කළ බවට සැකකරමින් අත්අඩංගුවට ගෙන ඇත. තානාපතිවරයා විරෝධතාකරුවන් අතර සැකකටයුතු ලෙස හැසිරුණු බවටද චෝදනා එල්ල වී ඇතැයි ඉරානයේ ‘මෙහ්ර්’ පුවත් සේවය වාර්තා කළේය.

“මං විරෝධතාවකට නොගිය බව මට සහතිකවම කියන්න පුළුවන්. මම ගියේ ගුවන් අනතුරින් මියගිය පිරිස සිහිපත් කරමින් පැවැති වැඩසටහනකට. ඒ වගේම පැය භාගයකට ආසන්න කාලයක් මා රඳවා ගත්තා” යැයි බ්‍රිතාන්‍ය තානාපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

“ගුවන් අනතුරින් බ්‍රිතාන්‍ය ජාතිකයන්ද මියගියා. මියගිය පිරිස සිහි කිරීම සාමාන්‍ය දෙයක්. එතැන හිටපු ඇතැම් අය කෑගහන්න විනාඩි 5කට කලින් මං එතැනින් පිටවුණා” යැයි ද ඔහු කීවේය.

“රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අත්අඩංගුවට ගැන නීතිවිරෝධීයි. ඕනෑම රටක එහෙම” යැයිද හෙතෙම කීය.

ඉරානයේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරීම “ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක්” යැයි බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේය.

ඉරානය මේ වනතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත.

 



ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
- 055



අදහස් (0)

විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වූ බවට ඇති චෝදනා අසත්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 588 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site