IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වයස 77යි සැතපුම් : 10ක් දුවයි

හැත්තෑහත් හැවිරිදි අර්නස්ටයින් ෂෙපර්ඩ් ලොව සිටිනා වයස්ගතම කායවර්ධන ක්‍රීඩකයින් අතරින් කෙනෙකි.

සෑමදාම උදයේ පාන්දර 2.30 ට අවදි වන ඇය දිනයේ වැඩකටයුතු සදහා අහර පිළියෙල කරන්නීය.හිරු උදාවුනු පසු ඇය සැතපුම් 10 ක් දුවන්නීය.ව්‍යායාම් කිරීම ඇයගේ විනෝදාංශයයි.කායවර්ධන කටයුතු වලට ඇයගේ ඇත්තේ දැඩි ඇල්මකි.

‘මම කායවර්ධන කටයුතු වලට යොමුවුනේ මගේ සොහොයුරිය නිසා.එතකොට මගේ වයස අවුරුදු 60 ක් වගේ ඇති‘ ඇය කියන්නීය.

කිසියම් දෙයක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඇයට අනුව පිළිපැදිය යුතු කරුණු 3 කි.

‘පළමුවැන්න තමා කැපවීම,දෙවැන්න නොපසුබට උත්සාහය තෙවැන්න තමා විනය.මේ සියල්ල තමයි මට කායවර්ධන ක්‍රීඩාවෙන් මේ තරම් දුර එන්න උදවු වුනේ.මේවා ජීවිතයේ ඕනෑම අවස්ථාවක පිළිපදින්න පිළිවන් කරුණු 3 ක්‘ ඇය පවසන්නීය.

තරුණයෙකුගේ ශක්තියෙන් යුතු ඇයට ඉහින් බහින තරමේ රෝගයකුදු නැත.ඒයට හේතුව තමා පිළිපදින යහපත් ආහාර රටා හා සිරුරට ලබාදෙන ව්‍යායාමයන් බව ඇය කියන්නීය.

2010 වසරේදී ලොව වයස්ගතම කායවර්ධන කිී්‍රඩිකාවට හිමි ගිනස් වාර්තාවද තමන් සතුකරගැනීමට අර්නස්ටයින් සමත්ව තිඛෙ.

‘වයස කියන්නේ නිකම් අංක විතරයි.හිත තියෙනවනම් වයස මොකක් වුනත් ඕන දෙයක් කරන්න පිළිවන්‘ ඇය පවසන්නීය.

 



අදහස් (0)

වයස 77යි සැතපුම් : 10ක් දුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site