IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වයස්ගතම කත මෙක්සිකෝවෙන්

ලොව වයස්ගතම පුද්ගලයා වීමේ කිරුළ හිමිකරගැනීමට වයස අවුරුදු 127 ක් වන මෙක්සිකෝ ජාතික කාන්තාවක් සමත්ව ඇත්තීය.

ලියේන්ඩ්‍රා බෙසේරා ලූම්බ්‍රෙරාස් නම් වන ඇය ජීවත්වන්නේ මෙක්සිකෝවේ සැපෝපැන් නගරයේය.

වසර 40 කට පෙර වෙනත් නිවෙසක පදිංචියට යාමේදී ඇයගේ උප්පැන්න සහතිකය අස්ථාන ගතවී ඇතැයි සඳහන්ය. එසේ වුවත් ඇය ඉපිද ඇත්තේ 1887 අගෝස්තු මස 31 වැනිදා, එනම් අදින් වසර 127 කට පෙරාතුව බව හෙළි කර ගැනීමට මෙක්සිකෝ බළධාරීන් සමත්ව ඇත.

සියවසකට වැඩි තම ජීවිත කාලය කාලය පුරාවට ලෝකයේ සිදුවූ ඛේදනීය මෙන්ම ස්වර්ණමය සිදුවීම් රාශියකට ඇය සාක්ෂි දරන්නීය.

දෙවන ලෝක යුද්ධය ඇරඹෙද්දී ඇයගේ වයස අවුරුදු 27 කි. බ්‍රිතාන්‍යයේ කිරුළ දරන දෙවැනි එළිසබෙත් රුජිණ ඔටුනු පළදිද්දී ඇයගේ වයස අවුරුදු 66 කි. මිනිසා සඳ මත පළමු පා සටහන තබද්දී ඇයගේ වයස අවුරුදු 82 කි.

වයස අවුරුදු 127 ක් වුවද පවසන දෙය තේරුම් ගැනීමට, සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් කතාබහ කිරීමට ඇයට හොඳට හැකිය. ඇයගේ මතකයටද කිසිදු හානියක් සිදුවී නොමැත.

මෙතරම් කාලයක් ජීවත්වීමේ රහස් හෙළි කරනා ඇය පවසන්නේ හොඳට කෑම, හොඳට නිදා ගැනීම, දරුවන් හැදුවද විවාහ නොවීම දිගු දිවියක් තමන්ට ලබාදීමට මුල්වී ඇති බවයි.

ඇය දරුවන් පස් දෙනෙකු හදාවඩා තිබෙන අතර ඔවුන් පස් දෙනාම දැන් සිටින්නේ මියගොස්ය. අවසානයට මියගොස් ඇති දරුවා 2013 වසරේ මිහිදන් කර තිබෙන අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු 90 ක් බව සඳහන්ය.

ලියෙන්ඩ්‍රා අද දිනයේ ජීවත්වන්නේ තම මුණුබුරු මිණිබිරියන් සමගය. ඒ මුණුබුරු මිණිබිරියන්ගේ දරුවන්ද, එම දරුවන්ගේ දරුවන්ද දැකීමට තරම් ඇය වාසනාවන්ත වී ඇත.

ඇයගේ උප්පැන්න සහතිකය නැවත සකස් කර දීමට මෙක්සිකෝ බළධාරීන් කටයුතු කරමින් සිටින අතර එය සම්පූර්ණවූ සැනෙන් ලියෙන්ඩ්‍රා එදා මෙදා තුර ලොව වාර්තාවූ වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා පොත් වලට එක්වනු ඇත.

දැනට ලොව වයස්ගතම පුද්ගලයා වීමේ වාර්තාවට හිමිකම් කියන්නේද කාන්තාවකි. ජපාන ජාතිකයෙක් වන ඇය නමින් මියාඕ ඔකිනාවාය. ඇයගේ වයස අවුරුදු 115 කි.

article-2739036-20F2146C00000578-563_634x455 article-2739036-20F2554300000578-756_634x443



අදහස් (0)

වයස්ගතම කත මෙක්සිකෝවෙන්

ගංගා Tuesday, 02 September 2014 10:41 AM

ඔබට දීර්ඝායුෂ වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site