IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වියදම් කපා හැරීම්වලට එරෙහිව ස්පාඤ්ඤයේ සහ බි‍්‍රතාන්‍යයේ විරෝධතා

ආර්ථික උද්ධමනය සහ වියදම් කපා හැරීමට රජය ගත් තීරණයට එරෙහිව ස්පාඤ්ඤයේ පමණක් නොව බි‍්‍රතාන්‍යයේ වැසියෝ ද ඊයේ (13) වීදි බැස විරෝධතා පැවැත්වූහ. ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවර පුවර්ටා දෙල් සොල් චතුරස‍්‍රයට එක් රොක් වූ දහස් ගණනක් විරෝධතාකරුවෝ රජයට දොස් නඟන්නට වූහ. රටේ තරුණ තරුණියන්ගෙන් අඩකට වැඩි පිරිසකට රැකියා නොමැති බවත් රැකියා නොමැතිව සියයට 24 කට වැඩි පිරිසක් සිටින බවත් විරෝධතාකරුවෝ චෝදනා කරන්නට වූහ. මැඞ්රිඞ් නුවරට අමතරව ස්පාඤ්ඤයේ තවත් නගර 80ක විරෝධතා රැලි පැවැත්වුණු බව වාර්තා විය. බි‍්‍රතාන්‍යයේ විරෝධතා ආරම්භ වුණේ පසුගිය සතියේ සිටය. ඉකුත් බ‍්‍රහස්පතින්දා සේවක සහන කප්පාදු කිරීමට එරෙහිව ලන්ඩන් නුවර පොලිස් නිලධාරීහු ද විරෝධතා රැලියක් පැවැත් වූහ. ඊයේ දිනයේ බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර මහ බැංකු ගොඩනැගිල්ලට රැස්වූ විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලිසිය යෙදවිණි. එහිදී පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගත් 12 දෙනෙක් අත්අඩංගුවට පත්වූහ. එම විරෝධතාවට 900 කට ආසන්න විරෝධතාකරුවෝ පිරිසක් සහභාගී වූහ. ඇමෙරිකාවේ පැවැත්වෙන ‘ඔකියුපයි වෝල්ස්ටී‍්‍රට් විරෝධතාකරුවන් සිහි ගන්වමින් ලන්ඩන් නුවර විරෝධතාකරුවන් තමන්ව හඳුන්වා ගත්තේ ‘ඔකියුපයි ලන්ඩන්’ යනුවෙනි.



අදහස් (0)

වියදම් කපා හැරීම්වලට එරෙහිව ස්පාඤ්ඤයේ සහ බි‍්‍රතාන්‍යයේ විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site