IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ව්‍යාඝ්‍රයාට තරුණයා බිලි

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ සත්වෝද්‍යානයක සිටි සුදු ව්‍යාඝ්‍රයකු සත්වෝද්‍යානය නැරඹීට ආ පුද්ගලයකු ඇදගෙන ගොස් මරා දමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මරුමුවට පතව් ඇත්තෙ දිල්ලියේ පදිංචි මැක්සූඩ්වේ නමැති 20 හැවිරිදි තරුණයෙකි. සත්වෝද්‍යානය නරඹමින් සිටි ඔහු ව්‍යාඝ්‍රයා සිටි කූඩුව අසළට පැමිණ ඇති බවත් මේ අවස්ථාවේ ව්‍යාඝ්‍රයා ඔහු ගෙලෙන් ඩැහැගෙන කූඩුවේ පසුපස කොටසට ඇදගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ.



අදහස් (0)

ව්‍යාඝ්‍රයාට තරුණයා බිලි

මොහාන් Wednesday, 24 September 2014 06:05 PM

ඒ කොල්ල උඩ ඉදන් බිමට වැටිලා .මිටි තාප්පයක් තිබිල තියෙන්නේ (දී)

:       0       0

සතාශිවම් Friday, 26 September 2014 01:54 PM

මේ වීඩියෝ එක අනුව කාටහරි තිබුණා ඇඳගෙන ඉන්න ඇඳුම හරි ගලවලා ආධාරකයක් ලෙස පාවිච්චි කරලා මොහු බේරගන්න (නි)

:       0       0

වජිර Wednesday, 24 September 2014 06:47 PM

මම ඇත්තටම ඉන්දියාවේ ඉන්නේ. මම දැක්කා ඒ වීඩියෝව. ගොඩක් දුක හිතෙනවා. ඒත් අවාසනාවට එතන හිටිය කිසිම කෙනෙක් බේරාගන්න උත්සාහ කරන්නේ නැහැ.සමහර අය ෆොටෝ ගහනවා, සමහර අය වීඩියෝ කරනවා. මම හිතනවා බේරාගන්න උත්සාහ කළා නම් ඒ අහිංසක ළමයා අදත් ජීවත්වෙනවා.අපේ බෞද්ධ දර්ශනය අනුව අපි ප්‍රාර්ථනා කරමු මෙවන් විපතක් කිසිම කෙනෙකුට වෙන්න එපා කියලා (නි)

:       0       0

පාලින්ද Thursday, 25 September 2014 10:25 AM

ඒ මනුස්සයාව බේරා ගන්න තිබ්බා ඕන තරම (දී)

:       0       0

වසන්ත Wednesday, 24 September 2014 11:40 AM

පව් අනේ (දී)

:       0       0

සිසිර Wednesday, 24 September 2014 12:04 PM

අනේ අහිංසකයා (දී)

:       0       0

සෙන්ට් Wednesday, 24 September 2014 12:04 PM

හොදට තියෙයි සත්තුන්ට දඩාවතේ යන්න දුන්නොත් (දී)

:       0       0

දිල්රුක්ෂි Thursday, 25 September 2014 03:18 AM

සතුන් හිරකරගෙන පෙන්වන එක නැවැත් විය යුතුයි. (දී)

:       0       0

මෝනා Wednesday, 24 September 2014 09:51 AM

අනේ දෙවියනේ මෙවන් දෙයක් කවදාවත් වෙන්න එපා. සතුන් හිරකරගෙන පෙන්වන එක වහාම නැවැත් විය යුතුයි. (ස)

:       0       0

සුජීව Thursday, 25 September 2014 03:40 PM

බිහිසුණු පුවතක් (දී)

:       0       0

සංජීව Friday, 26 September 2014 12:42 PM

මේක නම් පාඩමක් ඉගෙනගත හැකි ආරංචියක් (නි)

:       0       0

මම Wednesday, 24 September 2014 05:32 AM

මෙහෙත් පින්නවල අලි අනාථාගාරයේ අලි බල්ලෝ බළල්ලු වගේ ලිහල දාල තියෙන්නේ. මිනිස්සුත් ළමයි වඩාගෙන ඒ ලඟටම යනවා. කොයි වෙලේ හරි අවුලක් වෙන්න පුළුවන්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site