IMG-LOGO

වාමන පාපන්දු කණ්ඩායමක්

වාමන මිනිසුන් කණ්ඩායමක් එක්ව තනාගත් පාපන්දු කණ්ඩායමක් ගැන වාර්තා වන්නේ බ‍්‍රසීලයෙනි.

ප‍්‍රමාණයන් කුඩා වුවද තමන් මෙන් දෙතුන් ගුණයක් උස ක්‍රිඩකයින් හා කරට කර තරග කිරීමට ඔවුන් සමත්ය.කණ්ඩායමේ මිටිම ක්‍රිඩකයා වන්නේ අඩි 3 යි අගල් 3 ක් උසැති ‘‘වැග්නර් ලව්‘‘ වන අතර ඔහු ඉලක්කයට ගෝලය එල්ල කිරීමට අති දක්ෂයෙකි.

පුහුණුකරු මැක්ස් පවසන ආකාරයට කණ්ඩායමේ සාමාජිකයින්ට සාමාන්‍ය ශරීර ප‍්‍රමාණයන් දරන ක්‍රිඩකයින් හා සමවනම දස්කම් පෙන්විය හැකිය.

තමන් මෙසේ කණ්ඩායමක් තනා ගැනීමට අදහස් කළේ කුරු මිනිසුන් යැයි සමාජය තමන්ට අලවා තිබෙන ලේබලය නිසා යැයි ක්‍රිඩකයින් කියයි.තමන්ට කිසිදු වැඩක් පලක් කළ නොහැකි යැයි සිතා සිටින සමාජයේ බහුතරයට එය කෙතරම් වැරදි අදහසක්දැයි පෙන්වා දීමට තම කණ්ඩායම ක්‍රිඩාකරන විට ප්‍රෙක්ෂකාගාරයෙන් නැගෙන ඔල්වරසන් හඩ හොදම පිළිතුර වන්නේ යැයි ඔවුන් පවසයි.

දැනටමත් මෙම වාමන පාපන්දු කණ්ඩායම ප්‍රෙක්ෂකයින් 30000 ක් පමණ එක්රැස්ව නරඹන පාපන්දු තරග වලට සහභාගී වේ.දෙතුන් ගුණයක් විශාල තරගකරුවන් හා තරග වැද ඔවුන් පරාජය කරන තම කණ්ඩායමේ ක්‍රිඩකයින් ප්‍රෙක්ෂකයින්ව අමන්දානන්දයට පත්කිරීමේ සමත් බව පුහුණුකරු මැක්ස් පවසයි.

අනාගතයේදී ලෝක කුසලාන පාපන්දු තරගාවලීන්ටත් සහභාගී වීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

 

 



අදහස් (0)

වාමන පාපන්දු කණ්ඩායමක්

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 02 April 2014 11:06 AM

ජන සමාජයේ බොහෝ දෙනෙක් පෙනුමට වහාම රැවටෙන සුළුයි. මෙම කණ්ඩායම එවැනි ආකල්ප තිබෙන අයට කදිම එක පිළිතුරක් පමණකි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 02 April 2014 01:41 PM

උත්සාහ කළොත් කරන්න බැරි දෙයක් නැහැ නේද ? මේ ළඟදී මම පෙදරේරුවෙක් දැක්කා කකුලක් නැති කිහිලිකරුවක් ආධාරයෙන් ගඩොල් බඳින (නි)

:       0       0

මර්වින් Tuesday, 01 April 2014 05:44 PM

අම්මෝ! හුරතලේ බැහැ.මට අාසයි ඔවුන් දකින්න. (නි)

:       0       0

හාමිඩ් හස්සන් Wednesday, 02 April 2014 09:41 PM

කුක්කු බෝතලයක් කටේ දැම්මානම් හරි (දී)

:       0       0

රියෝ Wednesday, 02 April 2014 08:55 AM

උත්සාහයට ජයවේවා! (නදී)

:       0       0

සරත් Friday, 04 April 2014 01:57 AM

ඔවුන්ටත් අයිතියක් තිබෙනවා ක්‍රීඩා කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site