IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විපතේදී උදව්වට එති

නේපාල භූමිකම්පාවෙන් මියගිය අයට පිං දීමේත්, තුවා ලැබූවනට ඉක්මන් සුවය පැතීමේත් පිංකමක් ලන්ඩන් නුවර ජාත්‍යන්තර බෞද්ධ පදනම සහ ලුම්බිණි නේපාල බුද්ධ ධම්ම සංවිධානය විසින් පැවැත්විණි.

කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වු මේ පිංකම විහාරවාසී නේපාල ජාතික සුමන හිමියන් විසින් සංවිධානය කෙරිණි.

සිදුහත් කුමරුන් උත්පත්තිය ලද පින්බිම අයත් නේපාලයට සිදුවූ මෙම ස්වාභාවික විපත පිළිබඳව සියලුම දෙනාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත් විපතට පත්වුවන්හට ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම සඳහා ලෝක බෞද්ධ පදනම දැනටමත් කටයුතු ක්‍රියාත්මක කර ඇති බවත් සුමන හිමියෝ පැවසුහ.

ලුම්බිණි නේපාල බුද්ධ ධර්ම සංවිධානයේ සභාපති වෛද්‍ය ධර්ම ශාක්‍ය, පිංකම සංවිධානය කිරීම සඳහා අවකාශය ලබාදුන් සද්ධාතිස්ස විහාරාධිපති ගලයායේ පියදස්සි නාහිමියන් ඇතුළු සියලුම දෙනාට ස්තුතිවන්තවන බව පැවසුවේය. 

වෙසක් පුන් පොහොදිනට පෙර දිනය වන මැයි 2 වැනි සෙනසුරාදා සවස 6 ට කින්ස්බරි විහාරස්ථානයේදී තවත් පින්කමක් පැවැත්වෙන බවද ඔහු නිවේදනය කළේය.

මෙම විපතින් දැනට 4,000 කට වැඩි ප්‍රමාණයක් මියගොස් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර මහා පරිමානයේ දේපල විනාශයක්ද සිදුව ඇති බවා වාර්තාවී ඇත.නේපාලය අවට ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 4 කට මෙම භූ කම්පනය දැනී ඇතත් දැඩි විනාශයක් සිදුව ඇත්තේ කත්මණ්ඩු නගරය අවට ප්‍රදේශයටය.

1 2 3 4 10 13 14



අදහස් (0)

විපතේදී උදව්වට එති

සජිත් Thursday, 30 April 2015 07:54 AM

හොද වැඩක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site