ඉන්දියාවෙන් පළමු වරට වඳුරු උණ (වඳුරු පැපොල) ආසාදිතයකු හමුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. වඳුරු උණ ආසාදිතයා වාර්තා වී ඇත්තේ කේරළයෙනි.
එම ආසාදිතයා, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිට ඉන්දියාවට පැමිණි ඉන්දියානුවකු බව කේරළ සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
ආසාදිතයා කඩිනමින් නිරෝධානයට යොමු කෙරුණු අතර, ඔහුගේ පවුලේ අය, සමීපතමයන් හඳුනා ගෙන ඔවුන් ගැන ද විමසිල්ලෙන් පසුවන බවත්, වෙනත් අයකුට රෝගය ආසාදනය වීමට කිසිදු ඉඩක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පැහැදිලි කර තිබේ.
මේ වනවිට ලෝකයේ රටවල්50 කට වැඩි ගණනකින් වඳුරු උණ ආසාදිතයන් 5,000 කට වඩා වාර්තා වී තිබේ.
තවමත් වඳුරු උණ මරණ වාර්තා වී නැත. වඳුරු උණ (වඳුරු පැපොල) ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟ, වඳුරු උණ ආසාදනය වීම වැළැක්වීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් ඇමෙරිකානුවන්ට බෙදා දීමට ධවල මන්දිරය තීරණය පියවර ගෙන ඇත.
ධවල මන්දිරය මෙම තීරණය ගත්තේ, ඇමෙරිකන් සෞඛ්‍ය අංශ එරට වඳුරු උණ ව්‍යාප්තිය සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමිනි. ඇමෙරිකාවෙන් පමණක් වඳුරු උණ ආසාදියන් 306 ක් වාර්තා වෙයි.
වඳුරු උණ යනු අප්‍රිකා රටවලට පමණක් සීමා වූ වයිරසයකි. මෙය වඳුරු උණ ලෙස හැඳින්වෙන්නේ වඳුරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී මනුෂ්‍යයන් අතරේ පැතිරෙන බැවිනි.
වඳුරු උණ වයිරසයේ ප්‍රභේද දෙකක් ඇති අතර, වඳුරු උණ ආසාදනය වූ පසු පැපොල වයිරස රෝගයේදී මෙන් සිරුරේ බිබිලි හට ගැනෙයි. වඳුරු උණ මාරක නොවන නමුත් එය ඉතා ඉක්මණින් ව්‍යාප්ත වීම සිදුවෙයි.
වඳුරු උණ වයිරසය අසාමාන්‍ය අයුරින් මෙසේ ලොව පුරා වේගයෙන් පැතිරීමට හේතුව සොයා ගැනීමට ද ජගත් සෞඛ්‍ය බලධාරීන් තවමත් සමත් වී නැත. ආසාදිතයන්ගේ පසුබිම් වාර්තා අනුව, වඳුරු උණ ව්‍යාප්තිය බහුලව සිදුවන්නේ සමලිංගිකයන් අතරේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වඳුරු උණ ඉන්දියාවට