IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


වෙනිසියුලා ජනපති පුතුත් ව්‍යවස්ථා මණ්ඩලයට

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතාගේ 27 හැවිරිදි පුත්‍රයා සාමාජිකයන් 545 දෙනකුගෙන් සමන්විත එරට බලසම්පන්න ව්‍යවස්ථා මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබ ඇතැයි අද (2) වාර්තා විය. 

ව්‍යවස්ථා වෙනසක් කරමින් ව්‍යවස්ථා මණ්ඩලය තම තනි අභිමතය මත සකස් කිරීමට වෙනිසියලු ජනාධිපතිවරයා කටයුතු කළ අතර ඒ සඳහා ජනමත විමසුමක් ද පැවැත්විණි. ව්‍යවස්ථා වෙනසට මැතිවරණයට එරට විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල විය.  

වෙනිසියුලා ජනාධිපතිවරයාගේ පුත්‍රයා නිකොලස් අර්නෙස්ටෝ මදුරෝ ගුවේරා නමින් හඳුන්වයි. ඔහු නිකොලාසිටෝ සහ ‘ලිට්ල් නිකොලස්’ යන නම්වලින් ද හඳුන්වයි. ඔහුගේ කුඩම්මා වන සිලියා ෆ්ලෝරස් මහත්මිය ද ව්‍යවස්ථා මණ්ඩලයේ සාමාජිකාවකි. තෝරාපත් කරගන්නා ලද නව ව්‍යවස්ථා මණ්ඩලය වෙනිසියුලාවේ නව ව්‍යවස්ථාව අලුතින් ලිවීමට නියමිතය. 

මෙතරම් අඩුවයසකින් වෙනිසියුලාවේ ව්‍යවස්ථා මණ්ඩලයට පත්වූ එකම සාමාජිකයා වන්නේ ද ජනාධිපතිගේ පුත් නිකොලස් අර්නෙස්ටෝ මදුරෝ ගුවේරා මහතාය. 
(ඒ.එෆ්.පී-055)



අදහස් (0)

වෙනිසියුලා ජනපති පුතුත් ව්‍යවස්ථා මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site