IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


වෙනිසියුලා ජනපතිටත් ඇමෙරිකාවෙන් සම්බාධක

මතභේදාත්මක මැතිවරණයක් පැවැත්වීමත් සමඟ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතාට එරෙහිව සම්බාධක පැනවීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ.

ඒ අනුව වෙනිසියුලා ජනාධිපතිවරයාට හිමි ඇමෙරිකාවේ තිබෙන වත්කම් අත්හිටුවීමට ද පියවර ගෙන ඇත.

නව සම්බාධකවලට අනුව ඇමෙරිකානු පුද්ගලයන්ට හා සමාගම්වලට වෙනිසියුලා ජනාධිපතිවරයා සමඟ ව්‍යාපාර කිරීම ද තහනම්ය.

දැඩි විරෝධතා හමුවේ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා නිකොලස් මහතා මැතිවරණයක් කැඳවා තිබූ අතර එම මැතිවරණය ඉරිදා (30) පැවැත්විණි.

මැතිවරණයක් පැවැත්වූයේ විප්ලවයක් සඳහා බවත් එම සම්බාධක අධිරාජ්‍යයක් විසින් පනවන සම්බාධක බවත් ඇමෙරිකාවේ සම්බාධකවලට පිළිතුරු දෙමින් වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතා අවධාරණය කළේය.

වෙනිසියුලා ජනාධිපතිවරයාට අයත් ආයෝජන හෝ වත්කම් ඇමෙරිකාවේ තිබෙන්නේ ද නැතහොත් ඇමෙරිකාව එම වත්කම් අත්හිටුවන බව නිවේදනය කරන ලද්දේ සංඛේතාත්මකව ද යන්න පැහැදිලි නොවීය.

(ඒ.එෆ්.පී/රොයිටර් 055)
 



අදහස් (0)

වෙනිසියුලා ජනපතිටත් ඇමෙරිකාවෙන් සම්බාධක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site