වෙනිසුවේලාවේ කොළොම්බියා හා බ්‍රසීල දේශසීමා ආසන්න නගර වල ඇතිවූ විරෝධතා හේතුවෙන් මේ වනවිට දෙදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
ජනපති නිකොලොස් මධුරෝ විසින් මානුෂීය ආධාර රැගත් රථ වලට වෙනිසියුලාවට තුළට ඇතුළු වීම තහනම් කර තිබීම හේතුවෙන් මෙම විරෝධතා පැවැත්වෙන බව සඳහන් වේ.
විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා රජයේ හමුදා විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ යොදාගත් බව පැවසෙන අතර මානව හිමිකම් සංවිධාන පවසන්නේ මේ සඳහා ජීව උණ්ඩ ද යොදාගෙන ඇති බවයි.
අන්තර්වාර ජනපති ලෙස හඳුන්වා ගන්නා වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවෑන් ගුවයිඩෝ විසින් මෙම ආධර ගෙනඒම සංවිධානය කර ඇති අතර ජනපති නිකොලොස් මධුරෝ පවසන්නේ ආධාර ලබාගැනීම රටේ ආරක්ෂාවට තර්ජනයක් බවයි.
ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවල් ගනනාවක් ගුවයිඩෝට සහාය දක්වන අතර සඳුදා (25) දිනයේ ඇමරිකානු උප ජනපති මයික් පෙන්ස් සහ ගුවයිඩෝ අතර සාකච්ඡාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මෙම සාකච්ඡාව කොළොම්බියාවේ බොගෝටා නගරයේ පැවැත්වීමට නියමිතව ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
788
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙනිසියුලාවේ ගැටුම් වලින් දෙදෙනෙක් මියයති