දේශපාලන හා ආර්ථික අර්බුද නිසා විනාශයකට මුහුණ දී සිටින වෙනිසියුලාවට මානුෂීය ආධාර තොගයක් පැමිණෙන බව එරට විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ අද (3) නිවේදනය කළ අතර එය ඇමෙරිකා එක්සත් ජනපද හමුදා මැදිහත්වීමකට මඟ පාදන්නේ යැයි ජනාධිපති නිකොලස් මදුරෝ ප‍්‍රකාශ කළේය.
වෙනිසියුලාවේ ජාතික මන්ත‍්‍රණ සභාවේ ප‍්‍රධානියා සහ සමාජවාදී නායකයකු වන ජනාධිපති මදුරෝ යන දෙදෙනාගේ ප‍්‍රධානත්වයෙන් කැරැකස් නුවරදී දැවැන්ත ජන රැලි දෙකක් පැවැත්විණි. විපක්ෂ නායක ගුවයිඩෝ තමන් වෙනිසියුලාවේ ‘‘අන්තර්වාර ජනාධිපතිවරයා’’ ලෙස ප‍්‍රකාශ කිරීමත් සමඟ තෙල් සම්පතින් පොහොසත් වෙනිසියුලාවේ නව දේශපාලන අර්බුදයක් නිර්මාණය විය.
දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින වෙනිසියුලාවේ ජනතාව වෙනුවෙන් ඖෂධ සහ ආහාර එකතු කිරීමේ මධ්‍යස්ථාන අසල්වැසි බ‍්‍රසීලයේ හා කොලොම්බියේ ස්ථාපිත කර ඇතැයි කැරැකස් නුවර පැවැති ජන රැළියේදී ගුවයිඩෝ කීය. ගුවයිඩෝගේ ඉල්ලීම පරිදි එම ද්‍රව්‍ය වෙනිසියුලාවට ප‍්‍රවාහනය කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය ඉන් පසුව ප‍්‍රකාශ කළේය.
විරෝධතා රැුළිය ආරම්භ වීමට පෙර වෙනිසියුලා ගුවන් හමුදාවේ ජෙනරාල්වරයකු වන ජෙනරාල් ෆ‍්‍රැන්සිස්කෝ යැනීස් ගුවයිඩෝ රටේ නියම නායකයා බව පවසමින් විරෝධතා රැුළියට එක්විය. වෙනිසියුලා ජනාධිපති මදුරෝ අත්හැර විපක්ෂයට එක්වූ ඉහළම නිලධාරියා ඔහු යැයි පැවසේ.
හමුදාවේ සියලූ දෙනා ජෙනරාල් ෆ‍්‍රැන්සිස්කෝ යැනීස් අනුගමනය කළ යුතු යැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් සඳහන් කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ ප‍්‍රධාන රටවල් හතරක් වන බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ජර්මනිය සහ ස්පාඤ්ඤය යන රටවල් ජනවාරි 23 වැනිදා යුවාන් ගුවයිඩෝ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගත්තේය. ජනාධිපති මදුරෝ ඉක්මනින් ජනාධිපතිවරණයක් කැඳවීමට කටයුතු නොකළහොත් ඉදිරියටත් යුවාන් ගුවයිඩෝ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා බව ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් නිවේදනය කළේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි









2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙනිසියුලාවට මැදිහත්වෙන්න ඇමෙරිකාවට මඟක් පෑදෙයි