වෙනිසියුලා රජයට අයත් පී.ඩී.වී.එස්.ඒ. තෙල් සමාගමේ ගිණුම් රුසියානු රජයට අයත් ‘ගැස්ප්‍රොම්බෑන්ක්’ බැංකුවට මාරු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
තෙල් විකුණුම්වල මුදල් අදාළ බැංකුවේ තැන්පත් කරන්නැයි ද පී.ඩී.වී.එස්.ඒ. තෙල් සමාගමේ සිය සමාගමේ බද්ධ සමාගම්වල ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා ඇත.
පී.ඩී.වී.එස්.ඒ. සමාගම රුසියානු රජයට අයත් ‘ගැස්ප්‍රොම්බෑන්ක්’ බැංකුවේ ගිණුම් විවෘත කර ඇත්තේ මෑතකදී බව ද වාර්තා වේ.
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ මහතාට තෙල් වෙළෙඳාමෙන් ලබන ආදායම් ලබාගැනීම වැළැක්වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය පී.ඩී.වී.එස්.ඒ. තෙල් සමාගමට ජනවාරි 28 වැනිදා දැඩි සම්බාධක පැනවීය. ඇමෙරිකා එක්සත් ජනපදය මීට පෙර ද එම සමාගමට සම්බාධක පනවා තිබිණි.
වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයෙන් ලැබෙන මුදල් ලබාගැනීම සඳහා මදුරෝ මහතා ප්‍රමුඛ පිරිස අරමුදලක් ස්ථාපිත කරනු ඇතැයි වෙනිසියුලාවේ විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ මහතා ඉකුත් දිනෙක පැවැසීය.
ජුවාන් ගුවයිඩෝ තමන් වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා යැයි ප්‍රකාශ කිරීමත් සමඟ වෙනිසියුලාව තුළ නව දේශපාලන අර්බුදයක් නිර්මාණය විය.
ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක්ම වෙනිසියුලාවේ නිත්‍යනුකූල නායකයා ගුවයිඩෝ යැයි පිළිගෙන ඇත. එහෙත් යුවාන් ගුවයිඩෝ ඇමෙරිකාවේ රූකඩයක් ඔහු ඇමෙරිකාවේ සහාය ඇතිව කුමන්ත්‍රණයක් ආරම්භ කරන බව ද ජනාධිපති මදුරෝ මහතා චෝදනා කරයි.
රොයිටර් ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වෙනිසියුලාවට අයත් තෙල් සමාගම් ගිණුම් රුසියානු බැංකුවට මාරු කරයි