IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විනාශයේ හෝරා යතුර

දෙවැනි  ලෝක යුධ සමයේ ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගර වලට පතිත කෙරුණු පරමාණු බෝම්බ වල බිහිසුණු බව දුටු ලෝකයා න්‍යෂ්ඨික අවි වල බිහිසුණු බවත්,ඒවායින් ලෝක විනාශයට මංපෑදීය හැකි වීමත් සංකේතවත් කරමින් නිර්මාණය කරගත් ලෝක විනාශයේ ඔරලෝසුවේ’ මිනිත්තු කට්ට දොළහේ කණිසමට තවත් ආසන්න කිරීමට විද්‍යාඥයින් තීරණය කර ඇත.

ලෝක විනාශයේ ඔරලෝසුවෙන් සංකේතවත් කෙරෙන්නේ රට රටවල් තමන් කෙරේ රැස් කරගෙන සිටිනා න්‍යෂ්ඨික අවි ආයුධ වලින් සමස්ථ පෘථිවියටම ඇති තර්ජනයයි.මෙම අවි එකවර භාවිතා කළහොත් පෘථිවියේ විනාශය නියතය.

ලොව ඇති න්‍යෂ්ඨික අවි ප‍්‍රමාණය ඉහළ යන්නට ඉහළ යන්නට පෘථිවියේ ආරක්ෂාවටද ඇති තර්ජනය ඉහළ යන හෙයින් මෙම සංකේතාත්මක ඔරලෝසුවේ මිනිත්තු කට්ට එසේ ඉහළ යන අවි ආයුධ ප‍්‍රමාණයට අනුරූපව 12 කණිසමට ආසන්න කිරීමට විද්‍යාඥයෝ කටයුතු කරති.ඔරලෝසුවේ වේලාව මෙවර වෙනස් වන්නේ 2012 වසරට පසු ප‍්‍රථම වතාවටය.

වර්තමානයේ නම් න්‍යෂ්ඨික අවි පමණක් නොව ත‍්‍රස්ත කටයුතු,කාලගුණ විපර්යාස ආදියද ඔරලෝසු කට්ටේ කැරකීමට දායක වේ.

මේ පිළිඹද අවසන් තීරණය ගැනීමට ලෝක පරමාණුක විද්‍යාඥයින්ගේ සංසදය අද (22) රැස්වීමට නියමිතය.

1947 දී ඇතිකෙරුණු මේ ලෝක විනාශයේ ඔරලෝසුවේ මිනිත්තු කට්ට මේ වන විට 18 වතාවක් වෙනස් කෙරී තිබේ.එම අවස්ථාවලින් බොහෝමයක් ලොව ඇතැම් රටවල් තම න්‍යෂ්ඨික බලය ලොවට පෙන්වීමට උත්සාහ කළ අවස්ථාවීම විශේෂය.

ඔරලෝසුවේ මිනිත්තු කට්ට 12 කණිසමෙන් ඉවතට ගෙන යනු ලැබුණු අවස්ථාද නැතිව නොවේ.ලෝක බලවතුන් න්‍යෂ්ඨික අවි සම්බන්ධව එකඟතා හා එම අවි භාවිතයන්ට සීමා පනවාගන්නා අවස්ථා වලදී එසේ මිනිත්තු කට්ට 12 කණිසමෙන් ඉවතට ගෙන යනු ලැබේ.

පුදුමයකට මෙන් එසේ පසුපසට කටු කැරකැවුණු අවස්ථා ගණන ඉදිරියට කටු කැරකුවුණු අවස්ථා ගණනට වඩා වැඩිය.

මේ වන විට ඔරලෝසුවේ වේලාව දැක්වෙන්නේ රාතී‍්‍ර 12 ට මිනිත්තු 5 ක් ලෙසය.

ලෝකයේ රටවල් සැළකූ විට න්‍යෂ්ඨික අවි නිපදවීම්,පර්යේෂණ,අත්හදාබැලීම් අතින් ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකාව හා රුසියාවයි.ඔවුන් සන්තකයේ මොහොතක දැනුම්දීමකින් එල්ල කළ හැකි න්‍යෂ්ඨික අවි 26000 කට අධික සංඛ්‍යාවක් පවතින බව සඳහන්ය.

 



අදහස් (0)

විනාශයේ හෝරා යතුර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site