
අසත්‍ය ප්‍රචාර සිදුකර මන්ත්‍රී ධුරය අහෝසි කරමින්, තමන්ගේ කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධයෙන්, පාකිස්තාන රුපියල් බිලියන 10 වන්දියක් ඉල්ලා ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජාට එරෙහිව නඩුවක් ගොනු කරන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් මෙසේ කියා සිටියේ ජන රැලියක් අමතමිනි.
ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජා ප්‍රමුඛ පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක්, මේ මස මුලදී ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන අවස්ථාවේ, රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු තෑගි සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සහ නිවැරදි නොවූ වත්කම් ප්‍රකාශයක් ලබා දීම සම්බන්ධෙයන් වැරදිකරු කරමින් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කළේය.
තෙවැනි පාර්ශ්වයකගේ උපදෙස් පරිදි සිකන්දර් සුල්තාන් රාජා තමාට අපහාස කරමින් මන්ත්‍රී ධුරය අහෝසි කළ බවත් මින් පසු තවත් අයෙකුගේ කීර්ති නාමයට හානි කිරීමට ඉඩ නොතබමින් සිකන්දර් සුල්තාන් රාජා හට පාඩමක් ඉගැන්වීමට තමා සුදානම් බවත් ඉම්රාන් ඛාන් පැවසුවේය.එසේම සිකන්දර් රාජා හොරුන්ගේ මිතුරෙකු බවට ඉම්රාන් ඛාන් චෝදනා කළේය.
තමාට එල්ල වී ඇති චෝදනා ඔප්පු කළහොත් තමන් කිසිම විරුද්ධතාවයක් නොදක්වා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවද ඉම්රාන් ඛාන් පෙන්වා දුන්නේය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
460
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1662
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වන්දි ඉල්ලන්න ඉම්රාන් සැරැසේ
sujeewar Wednesday, 02 November 2022 12:27 PM
ඒවාත් ස්වාධීන යැයි කියාගන්නා කොමිසම්ද දන්නේ නැහැ. ඉම්රාන් ඛාන්ට මේ හැම ප්‍රශ්ණයක්ම ආවේ බටහිර ගැති නොවූ නිසයි.