විනෝදාංශයක් ලෙස පැන්සල් එකතු කරන සිසුවෙක් ඉන්දියාවේ නව දිල්ලි නුවර සිටියි. ඔහු තුෂාර් ලකන්පාල් නැමැති 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි.
හතර වැනි වියේ සිට පැන්සල් එතකු කිරීම ඔහුගේ විනෝදාංශයයි. දැනට ඔහු ළඟ රටවල් 40 ක පමණ විවිධ හැඩයේ, විවිධ ප‍්‍රමාණයේ පැන්සල් 14000 කටත් වඩා ඇති බව පැවසේ. ඒ අතුරින් අලංකාර පෙට්ටියක බහා ඇති පැන්සල් 2 ක් ඇති අතර ඒවා බි‍්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින පාවිච්චි කරන ලද පැන්සල් දෙකකි. ඔහුගේ පියා පවුම් 400 ක් (රු. 85812) ගෙවා ඒවා මිලට ගෙන ඇත.
ඔහු සතුව ඇති ලොකුම පැන්සල අඩි 8 ක් දිග සහ සෙන්ටිමීටර 29 කින් පළලය. කුඩාම පැන්සල සෙන්ටිමීරට 4 ක් දිගය.
දැනටමත් ඉන්දියාවේ වාර්තාවක් පිහිටු වීමට සමත්ව ඇති ඔහුගේ පැන්සල් එකතුව නොබෝ දිනකින්ම ගිනස් වාර්තාවක් පිහිටුවීමට සූදාණම් බව ඔහුගේ විශ්වාසයයි.
මීට ප‍්‍රථම මෙම වාර්තාවට හිමිකම් කීවේ පැන්සල් 14552 කට හිමිකම් කියූ උරුගුවේ එමිළියෝ එරීනාස්ය. ඔහු පැන්සල් එකතු කිරීම ආරම්භ කර ඇත්තේ 1956 දීය.
2025 නොවැම්බර් මස 04
88
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විනෝදාංශයට පැන්සල් එකතු කරයි
හේමන්ත Monday, 06 January 2014 04:18 PM
පැන්සල් කුමාරයා.(නදී)
නෙතුමි Monday, 06 January 2014 09:24 PM
විනොදාන්ශය නම් විශේෂයි. නමුත් ඒවයින් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන එක තමයි තියෙන එකම දේ.(නදී)
බමුණු Wednesday, 08 January 2014 04:30 AM
මේකත් විනොදාන්සයක්ද? සල්ලි තිබෙනවානම් ඕන තරම් පැන්සල් අරගෙන තිය ගන්න පුළුවන් නේ. එහෙම නොවෙඉයි ලියල ඉතුරුවන පැන්සල් කොට එකතුකලානම් වටින කමක් තිබෙනවා මොකද එම විනොදන්සය ටිකක් අමාරු එකක් කෙනෙක් පැන්සල් පවිච්චි නොකර නිකම්ම කොටකරන්නේ නැහැනේ. (දී)