කොරෝනා වයිරසය හඳුනාගැනීමට වේගවත් පර්යේෂණ කට්ටලයක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා තිබේ. ඔවුන් පවසන්නේ එමගින් මිනිත්තු පහකට අඩු කාලයකදී කොරෝනා වයිරසය හඳුනාගත හැකි බවයි.
ඉහළ නිරවද්‍යතාවයකින් යුත් මෙම උපකරණයට කොරෝනා වයිරසය අනිත් වයිරස වලින් ඉතා ඉක්මණින් වෙන්කර හඳුනාගත හැක. මෙම උපකරණය ගුවන්තොටුපළ සහ සුපිරි වෙළඳසැල් වැනි සෙනඟ වැඩිපුර ගැවසෙන ස්ථාන සඳහා යොදාගැනීම යෝග්‍ය බවද පර්යේෂකයෝ පවසති.
උපකරණය 2021 වර්ෂයේ මැද භාගයේදී පමණ වෙළඳපොළට නිකත් කිරීමට හැකිවනු ඇතැයි සඳහන් වේ.
කොරෝනා සඳහා එන්නතක් නිපදවනු ලැබුවද ලෝකයාට කොරෝනා වයිරසය සමඟ ජීවත්වීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇති හෙයින් මෙවැනි උපකරණයක දැඩි අවශ්‍යතාවයක් පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
විනාඩි පහෙන් කොරෝනා ගැන දැනගන්න පුළුවන් උපකරණයක්
Myshsara Thursday, 15 October 2020 02:49 PM
සුපිරියි...!!!