IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා  එක්සත් ජාතික පක්ෂය සහ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට  සමගි ජන බලවේගයේ   නායකයෙකු  අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය බලය පිහිටුවීම  ගැටලුකාරී වී ඇතැයි  වාර්තාවේ.

මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ   සමග එකතුවී බලය  පිහිටුවා ඒ ගමන සාර්ථක වුවහොත් ඉදිරි ප්‍රධාන මැතිවරණවලදීද එවැනි සම්මුතියකට ඉල්ලීම් ඉදිරිපත් විය හැකි හෙයින් එය ආරම්භයේදීම වැළැක්විය යුතු බව ඇතැම් ප්‍රධානීන්ගේ අදහස වී ඇතැයි දැනගන්නට ඇත.

මේ තත්වය යටතේ කොළඹ මහනගර සභාවේ බලය විපක්ෂයට ගැනීම අවදානමට ලක්ව ඇතැයි  දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාවේ සභිකයන් 48 දෙනෙකු ජාතික ජන බලවේගයට ලැබෙද්දී  සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයට සභිකයන්  හැට නව දෙනෙකු හිමිවිය.

සභික  ධූර සංඛ්‍යාව අනුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට වැඩි හැකියාවක් ඇත්තේ විපක්ෂයටය.

කෙසේ වෙතත් අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පසුගියදා  ප්‍රකාශ කළේ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය නුදුරේදීම  පිහිටුවන බවයි.

කොළඹ මහ නගර සභාවේ තනි පක්ෂයක් ලැබූ වැඩිම සභික ධූර සංඛ්‍යාව ලබාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවද ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගය සහ අනෙකුත් පක්ෂ සමග ඒකාබද්ධව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය දැනටමත් කැමැත්ත පළ කර ඇත.



අදහස් (2)

කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්

J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Friday, 09 May 2025 09:52 PM

හොරු හොරු සමගම හෙලුවෙන් එක්වෙයිද?

:       142       59

Peduru Friday, 09 May 2025 10:02 PM

එක්සත් ජාතික පක්ෂයට අපි චන්දය දුන්නේ ඔය හොරිකඩ සමගි බලවේගය එකතු වනාන්තර නොවේ ස්වාධීනව කටයුතූ කරන්න. එය එසේ නම් සජබයටම ඡන්දය දෙන්න තිබුනානේ?

:       124       45

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 1333 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 527 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 261 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


තැනින් තැනට අද තද වැසි
2025 මැයි මස 10 115 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


වෙසක් උත්සවයට නුවරඑළිය සූදානම්
2025 මැයි මස 10 520 0

‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 384 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1339 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 343 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site