IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට දැනුම්දී ඇත.

මේ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම එම සභාව පිළිගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මහලේකම් ධූරයෙන් පසුගිය 2023 වසරේ මැයි මස 25 වැනිදා විශ්‍රාම ලැබීය. ඔහු විශ්‍රාම ලැබීමෙන් පසු එවකට ආණ්ඩුවේ ආශිර්වාදයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට එම වර්ෂයේදීම පත් කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර වෙනුවෙන් ඔහුට ලක්ෂ පහක පමණ දීමනාවක් මෙන්ම වාහන ඇතුළු නොයෙකුත් පහසුකම්ද හිමිවිය.එසේම දසනායක මහතාට පාර්ලිමේන්තුවේ රාජකාරි කිරීමට ඇමතිවරුන්ගේ කාමරයක්ද පසුගියදා වෙන්කෙරිණ.

සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයේ මීට පෙර කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාය.

මේ අතර වාහන පාවිච්චිය ඇතුළු විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හිටපු ඇතැම් ප්‍රධානීන් සම්බන්ධයෙන් පසුගිය කාලයේදී බරපතළ චෝදනා එල්ල විය.

වාහන අවභාවිතය සහ විදෙස් සංචාර සඳහා විශාල වශයෙන් රජයේ මුදල් වැය කිරීම එම චෝදනාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රටේ යහපාලනය වෙනුවෙන් පිහිටවනු ලැබූ ආයතනයකි. නීතිපති පොලිස්පති විනිශ්චකාරවරු ඇතුළු ඉහළ නිලධාරීන් පත් කිරීම අනුමත කෙරෙන්නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙනි.

 



අදහස් (3)

ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි

තොත්තබබා Saturday, 10 May 2025 12:20 PM

තන්හාවක මහත, විශ්ව විද්‍යාලයෙන් (ජනාධිපතිව) පිටවෙලා නැවතත් පාසලේ පළමු වසරට (මංත්‍රී වෙලා) ඇතුලත් වූ දේශපාලුවෝ අනුගමනය කරපු නිලධාරිනුත් හිටපු බව පේනවා...

:       0       0

ගිහාන් Saturday, 10 May 2025 03:15 PM

මෙයා ගැන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේත් එච්චර පැහැදීමක් නෑ. ඉන්න කාලේ තමන් වෙනුවෙන් මිසක් කාර්යමණ්ඩලය වෙනුවෙන් කරපු දෙයක් නෑ.

:       0       0

PGPTHILAK Saturday, 10 May 2025 03:39 PM

අපට තියෙන ප්‍රශ්නේ මේ වගේ නිලධාරීන්ට ආණ්ඩුව ලක්ෂ පහ හය පඩි ගෙවන්නේ මොන රොකට් සයන්ස් එකෙන් කරන වැඩේටද? මේසා මුදල් සුදු කරපටි නිකමුන් ගෙවනවා නම් මේ රට දශමයක් වත් ඉදිරියට යන්නේ නෑ...! සාමාන්‍ය වැටුපකට වැඩකරන්න උගත් නූගත් හැමෝම සූදානම් වනතුරු මේ රට බංකොළොත්...! ජාතික ජන බලවේග ආණ්ඩුවටවත් මේ සත්‍ය, අවිහිංසාවාදීව ඉදිරිපත් කරන්න ආත්ම ශක්තිය නැත්තේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 45 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 377 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1561 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2646 3

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 1086 2

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 499 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1360 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 351 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site