IMG-LOGO

වනජීවී වෙළඳාම ගැන පියවර ගන්නැයි ඕස්ට්‍රේලියාව ජී 20 රටවලින් ඉල්ලයි

වනජීවී වෙළඳාම සම්බන්ධව පියවර ගන්නා ලෙස ඕස්ට්‍රේලියානු රජය ජී 20 රටවලින් ඉල්ලීමක් කර තිබේ.

ජී 20 රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් පසු ඕස්ට්‍රේලියාව මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සජීවී සත්ත්ව වෙළඳාම සම්බන්දව පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

චීනයේ වුහාන් හි වනජීවී වෙළඳපොලක් ආශ්‍රයෙන් කොරෝනා වයිරසය මිනිසාට සම්ප්‍රේශනය වන්නට ඇතැයි සැක පහල වීම හේතුවෙන් මෙම කරුණු ඉස්මතු වී ඇත.

ඔස්ට්‍රේලියානු රජය සඳහන් කර ඇත්තේ සජීවී සත්ත්ව වෙළඳපොල මානව සෞඛ්‍ය අවදානමට ලක්කරන බවයි.

එමගින් වනජීවීන්ගේ සුරක්ෂිතතාවයට ද බලපෑම් එල්ල වන බවත් ඔවුහු සඳහන් කරති.

කෙසේවුවද ඕස්ට්‍රේලියානු කෘෂිකර්ම අමාත්‍ය ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් මහතා බීබීසියට අදහස් දක්වමින් පවසා ඇත්තේ එමගින් සියලු සජීවී සත්ත්ව වෙළඳපොල ඉලක්ක නොකරන බවයි.

සජීවි මතස්‍ය වෙළඳාම පූර්ණ වශයෙන් ආරක්ෂිත බැවින් ඒවා තහනම් නොකළ යුතු බව ඔහු පවසයි.

ඕස්ට්‍රේලියාව තවමත් වනජීවි වෙළඳාම ඇතුළු සජීවී සත්ත්ව වෙළඳපොල තහනම් කර නොමැති වුවත් එවැන්නක් නුදුරේදීම සිදුවිය හැකි බව පවසා තිබේ.

චිනය ද මීට මසකට පමණ පෙර නීතිවිරෝධී වනසත්ත්ව වෙළඳාම තහනම් කළ නමුත් තවමත් චීනයේ වෙළඳපොලවල වනජීවීන් අලෙවි වන බව වාර්තා වේ.

ඒ සම්බන්දව අදහස් දක්වමින් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩොස් අද්නාම් මහතා කියා සිටියේ සියලුම රටවල් ආහාර සඳහා වනජීවීන් විකිණීම සහ වෙළඳාම් කිරීම දැඩි ලෙස තහනම් කළ යුතු බවයි.


(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

වනජීවී වෙළඳාම ගැන පියවර ගන්නැයි ඕස්ට්‍රේලියාව ජී 20 රටවලින් ඉල්ලයි

ravi Friday, 24 April 2020 08:13 AM

මැදපෙදිගරටවල්වල හුඟක් මනුස්සයෝ එකතුවෙලා මාළු, මස් ආහාරයට ගැනීමට විරුද්දව එක්රැස්වෙලා සමිති සමාගම් පිහිටුවමින් පවතිනවා. සමහරවිට සත්තු සිවුපාවුන්ට හොඳ කාලයක් උදාවෙයිද ..?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site