IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


විදේශික ළමුන් බහුතරයක් සිටි මිලානෝහි පාසලක පළමුවැනි ශ්‍රේණිය වසා දමලා

ඉතාලියේ මිලානෝ නගරයේ විදේශික සංක‍්‍රමණිකයන් බහුලව වෙසෙන ප‍්‍රදේශයක පිහිටි ප‍්‍රාථමික පාසලක පළමුවැනි ශ්‍රේණිය සඳහා ලියාපදිංචි කර ඇති ළමුන් 17 දෙනාගෙන් පහළොස් දෙනෙකු ම විදේශික දරුවන් වීම හේතුවෙන්, ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරියගේ උපදෙස් පරිදි මෙම ළමුන් නගරයේ වෙනත් පාසල් කීපයකට අනුයුක්ත කර, අදාළ පාසලේ පළමුවැනි ශ්‍රේණිය වසා දමා ඇත. ඉතාලි ජනරජ ව්‍යවස්ථාවට අනුව තමන් කැමති පාසලකට දරුවන් ඇතුළත් කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය අහෝසි කළ බවට චෝදනා නගමින්, උක්ත දරුවන්ගේ දෙමාපියන් විසින් අධ්‍යාපන අමාත්‍යවරියට හා මිලානෝ ප‍්‍රාදේශීය අධ්‍යාපන කාර්යාලයට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනුකරනු ලැබු ඇත. ඉතාලියේ නව ආරක්ෂක පැකේජයට අනුව පාසලක එක පන්තියකට ඇතුළත් කරගත හැක්කේ 30% ක උපරිමයක් දක්වා වන විදේශික සිසු සිසුවියන් සංඛ්‍යාවක් පමණක් බව ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරිය වන මරියා ස්ටෙලා ජෙල්මිනි මතක් කර දී ඇත. ඉතාලි ජාතික දරුවන් හා ඉතාලි පාසල්වල අධ්‍යාපනය ලබන විදේශික දරුවන් අතර දැඩි බැඳීමක් ඇති කිරීම හා පාඩම් කියා දීමේදී සිසු සිසුවියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ ඉඩකඩ ගුරුවරුන්ට ලබාදීම සඳහා, පාසලක එක පන්තියක් සඳහා විදේශික ළමුන් 30%ක උපරිමයක් දක්වා පමණක් ඇතුළත් කරගත යුතු බව ඉතාලියේ 2009 නව ආරක්ෂක පැකේජය යටතේ නීතිගතවී ඇත. එහෙත් මෙම වගන්තියට අනුව විදේශික සිසු සිසුවියන් ලෙස සැලකිය යුතුව ඇත්තේ, ඉතාලි අධ්‍යාපන මාධ්‍යය හරිහැටි නොදැන ඉතාලි පාසල් අධ්‍යාපනය සඳහා යොමුවන ඉතාලියේ නේවාසික විදේශික දරුවන්ය. වැඩි දුර කරුණු සොයා බැලීමේදී හෙළිවන්නේ, උක්ත පාසල් පළමුවැනි ශ්‍රේණිය සඳහා ලියාපදිංචි කර ඇති විදේශික දරුවන් යයි කියැවෙන ළමුන් පහළොස් දෙනාගෙන් ළමුන් දෙදෙනෙකු හැර ඉතිරි සියල්ලෝ ම විදේශික දෙමාපියන්ට දාව ඉතාලියේ උපත ලැබූ දරුවන් බවය. විදේශික සිසු සිසුවියන්ගේ ප‍්‍රතිශතය 30% ඉක්මවන පන්ති දෙදහසකට වැඩි ප‍්‍රමාණයක් ඉතාලිය පුරා පාසල්වල ඇති බව, වතිකානුව ආශ‍්‍රිත කරිටාස් සංවිධානය මගින් කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත. ඉතාලියට සංක‍්‍රමණය වූ විගස පාසල් අධ්‍යාපනය සඳහා යොමුවන විදේශික දරුවකුගේ ඉතාලි භාෂා දැනුමත්, විදේශික සම්භවයක් ඇතිව ඉතාලියේ උපත ලබා පාසල් අධ්‍යාපනය වෙත යොමුවන දරුවකුගේ ඉතාලි භාෂා දැනුමත් පිළිබඳව සලකා බලා, වැරදි අර්ථකථනයකට ඉඩ නොතබා පාසල් පන්තියක විදේශික ළමුන් සීමාව පිළිබඳව වගන්ති සකස් කළ යුතුව තිබුණි. අසාරධාරණයට පත් මෙම දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්වේච්ඡුාවෙන්ම ඉදිරිපත්වී සිටින ඉතාලි නීතීඥවරුන්ගේ මතය වන්නේ, ඉතාලියේ උපත ලබා ඉතාලියේම හැදුණු වැඩුණු මෙම ළමා පිරිස, වර්ණ විෂමතාව මත පමණක් පිහිටා ඉතාලි ජාතික ළමුන්ගෙන් වෙනස්ව සැලකීම ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවය. 2011-2012 අධ්‍යයන වර්ෂය සඳහා පළමුවැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල ප‍්‍රවේශය දක්වා පාඨමාලාවන් හැදෑරීමට ඉතාලි පාසල්වල ලියාපදිංචිව ඇති ළමුන් සංඛ්‍යාව හැත්තෑ අට ලක්ෂ තිස්දහසකි. (7830000) මේ අතර විදේශික රටවල් එකසිය අසූවකට වැඩි ප‍්‍රමාණයක පුරවැසි ළමුන් ලක්ෂ හතක් ද වෙති. යටියන - ක්ලැරන්ස් කොස්තා ෂෙසානෝ, රෝමය, ඉතාලිය.



අදහස් (0)

විදේශික ළමුන් බහුතරයක් සිටි මිලානෝහි පාසලක පළමුවැනි ශ්‍රේණිය වසා දමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 710 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 882 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site