විදේශිකයින් තායිවානයට ඇතුළු වීම හෙට සිට තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇත.
කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ විශේෂ පිවිසුම් අවසරපත් හිමි පුද්ගලයින්ට මෙම තහනම ක්‍රියාත්මක නොවන නමුත් ඔවුන් දින 14 ක නිරෝධාන ක්‍රියාවලියකට යටත් කෙරේ.
චීනයෙන් එරටට පැමිණෙන පුද්ගලයින් සීමා කිරීමට සහ වයිරසය ආසාදනය වීම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ද තායිවානය කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලදී.
කෙසේ වුවත් විදේශවල සිට පැමිණි තායිවාන ජාතිකයින් කිහිප දෙනෙකුට සහ විදෙස් සංචාරකයින් කිහිප දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.
ඒ අනුව තායිවානයෙන් මේ වන විට වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 100 දෙනෙකි.
මේ අතරින් 10 දෙනෙක් ඊයේ දිනයේ දී හඳුනාගනු ලැබීය.
එය එක් දිනක දී අලුතින් හඳුනාගන්නා ලද වැඩිම රෝගීන් සංඛ්‍යාව වෙයි.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
747
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2402
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදේශිකයින්ට තායිවානයට ඇතුළුවීම තහනම්