IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


විදුලි රියේ බැටරිය දුවන ගමන් චාජ් ?

විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ වල  විදුලි කෝෂ ගමනේ යෙදී සිටියදීම ආරෝපණය කැරෙන ක‍්‍රමයක් අත්හදා බැලීමට බි‍්‍රතාන්‍යය විද්‍යාඥයෝ පිරිසක් සැරසෙති.‍

විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ වල ප‍්‍රධාන ගැටලූව වන්නේ එහි ඇති විදුලි කෝෂ ක්ෂය වූ පසු  නැවත ආරෝපණය කිරීමට වෙනම කාලයක් වැය කිරීමට සිදුවීමය. එසේ ආරෝපණය කෙරෙන විටදී මෝටර් රථය ධාවනය කිරීමටද නොහැකි.

නමුත් මෙම නම ක‍්‍රමය ආධාරයෙන් ධාවනයේ දීම විදුලි කෝෂ ආරෝපණය කළ හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ පිරිස පවසති.

මෙහිදී යොදාගැනීමට අපේක්ෂා කෙරෙන්නේ රැහැන් රහිත තාක්ෂණය ආධාරයෙන් විදුලිය මෝටර් රථය වෙත ලබාදෙන ක‍්‍රමයකි. මහාමාර්ග යටින් සිවිකෙරෙන විදුලි බල සැපයුම් උපාංගයන් මේ සදහා භාවිතයට ගැනේ .රියැදුරුට අවශ්‍ය වූ විටෙකදී කරන්නට ඇත්තේ මෝටර් රථයේ පාලන පුවරුවෙන් ආරෝපණය කිරීමට විධානය ලබාදීම වන අතර එවිට මෙම විදුලි බල සැපයුම් උපාංගයන් හා රැහැන් රහිත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන මෝටර් රථය එහි තිබෙන විදුලි කෝෂ ආරෝපණය කරගැනීමට පටන් ගනී.

පර්යේෂණ මට්ටමින් දියත් කෙරුණු අත්හදා බැලීම් සාර්ථක වීම නිසා දැන් විද්‍යාඥ පිරිස සැරසෙන්නේ සාමාන්‍ය මහාමාර්ගයක මෙම ක‍්‍රමවේදය කි‍්‍රයාවට නැංවීමටය.

ඔවුන්ගේ අත්හදා බැලීම් සාර්ථක වුවහොත් වහාම මෙම ක‍්‍රමවේදය බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන මංමාවත් වලට හදුන්වාදෙන බව එරට බළධරයින් සඳහන් කර තිබේ.

1B4BBD3E000005DC-0-image-m-35_1439335441750[1] 20D2033600000578-0-image-a-36_1439335497043[1]



අදහස් (0)

විදුලි රියේ බැටරිය දුවන ගමන් චාජ් ?

රන්ජනී Thursday, 13 August 2015 08:49 AM

ලෝකය ඉදිරියට යනවා. අපේ සමහර අය වැඩවසම් යුගයක් හොයනවා. (නි)

:       0       0

චුල කුවෙට් Saturday, 15 August 2015 10:53 AM

ජෝසප් කියන්නේ "ට්‍රොලි බස්" සේවය නේද? ඒක පැරණි ක්‍රමයක්. ට්‍රොලි බස් වලට විදුලිය රැහන් මගින් සපයන්න ඕනි. මේ කියන්නේ චාර්ජබල් බැටරි පද්දතියකින් ක්‍රියාකරන රථයක් සම්බන්දවයි.(නදී)

:       0       0

ජෝසප් පෙරේරා Saturday, 15 August 2015 01:49 AM

අපි පාසල් යන කාලේ 1960 ගණන් වල, ඕනෑතරම් විදුලියෙන් දුවන බස් රථ ලංකාවේ තිබුණා. (නි)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 07:27 AM

අනාගත ලොවට බලශක්තිය පිවිසුමක් (නදී)

:       0       0

සුමිත් දොරබැවිල Friday, 14 August 2015 06:19 AM

අපි ලෝකේ දිහා නිර්මාණශීලීව බලන්න ඕන. එතකොට අලුත් දේවල් අපටත් කරන්න පුළුවන් නේද නදී ....(බ)

:       0       0

සුපුන් Thursday, 13 August 2015 02:48 AM

විකල්ප බලශක්තීන් කෙසේවෙතත්, නව නිපැයුම් කෙසේවෙතත් අපේ අය අන්න පිටකොටුව දෙකක් වෙන්න බෙරිහන් දෙනවා පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න කියලා. (නි)

:       0       0

ලක්ෂිත Friday, 14 August 2015 05:53 PM

දැනටම දකුණු කොරියාවේ පාරේ යනකොට බැටරිය චාජ්වෙන බස් සේවයක් තියනවා (නි)

:       0       0

පී. විමලසේන Friday, 14 August 2015 11:34 AM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ලංකාවේ තෙල් හොයාගත්ත නිසා. (අ)

:       0       0

සම්පත් Thursday, 13 August 2015 08:29 AM

මේක විකල්ප බලශක්තියක් නොවී තියෙන එකම ට්‍රාන්ස්මිට් කරන ක්‍රමයක් විතරයි. එ්ත් මේක පාවිච්චි කරන්න මාර්ගත් වෙනමම හදන්න වෙනවා ලංකාවට තව අවුරුදු 50ක් වත් යයි මේ වැඩේට (බ)

:       0       0

වසන්ත Wednesday, 12 August 2015 09:01 AM

මීට වඩා හොඳ හොඳ වැඩ ද ඉස්සරහට බලාගන්න පුළුවනි. තෙල් ලෝකයේ කඩාවැටීම පටන් අරගෙන ඉදිරියට කාන්දම් බලයෙන් හැම වැඩක්ම කරන්නට පුවන් වේවි. ලෝකය තවත් පිරිසිදු වේවී. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 500 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2241 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site