IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වදුරු රජා නළයෙන් එළියට

හැකියාවන් පෙන්වීමට ගොස් භූගත නළයක් තුළ සිරව සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට චීන සහන සේවකයෝ පිරිසක් සමත්වූහ.

මෙම නළය චීනයේ සිෂි ප‍්‍රදේශයේ භූගත විදුලි රැුහැන් ගෙන යන්නකි.ප‍්‍රදේශයේ ඇතිවූ විදුලි බල ඇණහිටීමකට හේතු සෙවීමට පැමිණි විදුලි බල සේවකයින් පිරිසකට මෙම පුද්ගලයාව මුලින්ම හමුව තිබේ.නළය පොළව මතුපිටට මතුවන දොරටුව විවෘත කළ විටදී නළයේ නිදා සිටි මේ පුද්ගලයා ඔවුන් දැක ඇත.

නොනවත්වාම තමන් ‘‘වදුරු රජා‘‘ බැව් කියමින් තමන්ගේ නම්‍යශීලීභාවය ගැන ස්වයංවර්ණනාවක් කරගනිමින් සිටි මේ පුද්ගලයා පිටතට ගැනීමට සේවකයන් පිරිස කොතෙක් උත්සාහ කළද ‘‘වදුරු රජා‘‘ නළයේ හොද හැටි සිරවී සිට ඇති බැවින් උත්සාහය අසාර්ථක වී ඇත.අවසන ඔවුන් කර ඇත්තේ සහන සේවකයන් කැදවීමයි.සහන සේවකයන්ටත් මේ පුද්ගලයා පිටතට ගැනීමට හැකිව ඇත්තේ පොළව කැණ නළය පොළව මතුපිටට ගෙන එය කඩා මහත් පරිශ‍්‍රමයක් දරාය.

වදුරු රජා යනු චීන වීර කතාවක එන එක් චරිතයක් බව සදහන්ය.

සොයාගන්නා විට සිටි තත්ත්වය අනුව මේ පුද්ගලයා දින කිහිපයක් මේ ආකාරයට නළයේ සිරව සිටින්නට ඇතැයි සැක කෙරේ.

දැන් ‘‘වදුරු රජා‘‘ සිටින්නේ රෝහල් ගතවය.තවත් ප‍්‍රමාද වූයේනම් වැඩපෙන්වීමට ගොස් ‘‘වදුරු රජා‘‘ට දෙව්ලොව යෑමට හැකියාව තිබුණේයැයි කියන්නේ වෛද්‍යවරුන්ය.

 



අදහස් (0)

වදුරු රජා නළයෙන් එළියට

නාලක Sunday, 09 June 2013 07:32 PM

බැරි වැඩ කරන්න යනවාට කරන්නද (දී)

:       0       0

කැලුම් Sunday, 09 June 2013 08:35 PM

මේ වගේ වැඩ වලට චීන්නු කොහොමත් දක්ෂයි (නි)

:       0       0

රංජනී Sunday, 09 June 2013 09:02 PM

මෝඩ කමට බෙහෙත් නැතිලුනේ.(නදී)

:       0       0

මංජු Sunday, 09 June 2013 03:55 PM

කාලා නිකන් ඉන්න බැරි අය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site