IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වෙදැදුරු මතය බොරු කරයි

බි‍්‍රතාන්‍යයේ ස්රොපයර් ප‍්‍රාන්තයේ උපන් 27 හැවිරිදි ජෝර්ජිනි හොඩිසන් උපතින්ම මිටි තැනැත්තියකි. ඇය දිනක් අශ්වයෙකුගේ පිටින් වැටී නලලට, නාසයට හා කොදු ඇට පෙලට හානි විය. මෙම අනතුරේදී වූ නලලේ වූ තුවාලයට මැහුමි 75 ක් දැමිණි. නාසය මුහුනට සමතලා වී ගියේය.

වෛද්‍යවරු කියා සිටියේ මේ අනතුර හේතුවෙන් ඇයගේ සිරුරේ කොටසක් පණ නැතිවීමට ඉඩ තිබූ බවයි. කෙසේ වුව ද 2007 අනතුරින් පසු ඇය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටියාය. පසුව ඇය ක්‍රීඩා හා ව්‍යායාමවල යෙදෙමින් ශරිර ශක්තිය වැඩිකැර ගැනීමට මහත් වෙහෙසක් දැරීය.

ඇගේ සැමියා බර ඉසිලීමේ ක්‍රීඩාව හොදින් දැන සිටි බැවින් ඔහු ඇයට බර ඉසිලිම පුහුණු කළේ ඇගේ ශරීර ශක්තිය ඉන් වර්ධනය කැරගත හැකිවනු ඇතැයි තිබූ බලවත් විශ්වාසයෙනි.

ඇය ඒ ගැන මෙසේ කීයන්නීය.

'' මේ ක්‍රීඩාව සදහා මගේ ශරීර ශක්තිය ප්‍රමාණවත් නැති බව මම දැන සිටියා. නමුත් මට විශාල චිත්ත ශක්තියක් තිබුණා එය කළ හැකි බවට. "

අනතුරුව ඇය බර ඉසිලීමේ ක්‍රීඩිකාවක් බවට පත්වූවාය. ප්‍රතිඵලය වූයේ ඇය 2013 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ බර ඉසිලීමේ තරගාවලියකින් රාත්තල් 71 ක් ඔසවා වාර්තාවක් තැබීමයි. ඇගේ පුහුණුකරු වූ සැමියා පවසන්නේ සියුමැලි ගැහැණුන් වුව ද ඇතැම් මිනිසුන්ට වඩා ශක්ති සම්පන්න බවයි. ඇ‍යට උපදෙස් දෙන මනෝ විද්‍යාඥයන් පවසන්නේ 2014 කැනඩාවේ දී පැවැත්වෙන ලෝක බර ඉසිලිමේ ශූරතාව සදහා තරග වැදීමට ද සුදුසු මානසික ශක්තියකින් ඇය පසුවන බවයි. ඇගේ හැකියාව ගැන සැමියා විශ්වාස තබා ඇත.



අදහස් (0)

වෙදැදුරු මතය බොරු කරයි

ඉන්දු - ලන්ඩන් Monday, 18 November 2013 02:59 AM

සාර්ථක ගැහැණියක් පිටුපස සාර්ථක සැමියෙක් (නි)

:       0       0

රූපවතී Sunday, 17 November 2013 03:21 PM

උත්සාහය ඇති තැන කළහැකි බොහෝ දේ ඇති බව ඔබ පසක් කර ඇත, බලා පොරොත්තු ජය ගැනීමට ඔබට ශක්තිය ලැබේවා...? (දිල්)

:       0       0

චින්තක Monday, 18 November 2013 02:08 PM

කුමාරි, කිව්වා වගේම ඒ දරුවා සනීප වෙන්න ඕනි දෙයියන්ගෙ පිහිටෙන්. (ස)

:       0       0

ඒකනායක Monday, 18 November 2013 08:21 AM

දොස්තරලා කියන බොහෝ දේ බොරු. (නි)

:       0       0

කුමාරි Monday, 18 November 2013 09:32 AM

අනේ මේ වගේ අර ලියුකේමියා හැදිලා හිටි දරුවත් සුව වෙන්න ඕන. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site