දකුණු ආසියා කලාපයේ ඇතැම් රටවල අතිරික්ත විදුලි බල ශක්තිය කලාපයේ බල ශක්තිය ඌණ රටවලට ලබාදීමේ සමත් විදුලි බල පද්ධතියක් ඇති කිරීමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.
පසුගියදා නව දිල්ලියේදී පැවැති ‘සාක්’ රටවල බල ශක්ති අමාත්‍යවරුන්ගේ හමුවේදී මේ බව සඳහන් කෙරුණි.
එහිදී අදහස් දැක්වූ ඉන්දියාවේ විදුලි බල හා පුනර්ජනනීය ශක්ති අමාත්‍ය පියුෂ් ගොඑල් පැවසුවේ ශී‍්‍රලංකාවේ වෙරළ බඩ ඉදිකළ හැකි සුළං බලාගාර වලින් පකිස්තානයට හා නේපාලයට විදුලි බලය සැපැයිය හැකි බවයි.
තවද ගිනිකොන දිග ඉන්දියාවේ නිපදවෙන ජල විදුලිය බංගලාදේශය හා පකිස්තානය ඔස්සේ ඇෆ්ගනිස්ථානය වෙත ලබාදිය හැකි පද්දතියක් ඇති කළ හැකි යැයිද ඔහු පැවසීය.
බල ශක්තියෙන්ද සාක් කලාපයේ රටවල් එකමුතුවීම යනු දැනට කලාපයේ රටවල් අතර ඇති සබඳතා තවත් ශක්තිමක් වීම බව ඔහු කීය.
ඉන්දියාවේ සිට ශී‍්‍රලංකාව දක්වා මුහුද යටින් එළෙන අධිබල විදුලි රැුහැනක් සම්බන්ධවද මේ වන විට සැළසුම් සකස් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩි බලශක්තිය බෙදාගන්න යයි
ගාමිණී සිරිවර්දන Sunday, 19 October 2014 06:00 AM
ශ්‍රී ලංකාවේ වෙරල බඩ සුළං බලාගාර වලින් නිපදවන විදුලිය රටේ අවශ්‍ය තාවයන් මුළුමනින්ම සපුරා අතිරික්තයක් ඇත්නම් නේපාලයට,පකිස්තානයට දීම කමක් නැත. උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත වලට විදුලිය සපයන්නේ දිනකට පැය 4 ක කාලයක්. ඔවුන්ගේ කපටිකම් වලට හසු නොවීමට වග බලා ගතයුතුයි. “(නදී)
ජයත් Monday, 20 October 2014 10:43 AM
ගාමිණී ,සේන මෙතන තියන ඇත්ත ප්‍රශ්නය ඕක නෙමෙයි. එහෙම විදුලිබලය "සම්ප්‍රේෂණය " කරන්න පුළුවන් එක ඒ තරම් වියදම් යන දෙයක් නෙමෙයි. නමුත් මෙයාල අපට දැනට දෙන්න හදන සාම්පුර් බලාගාරය පාවිච්චි කරපු යල් පැනගිය එකක්. අනිත් ප්‍රශ්නේ එයාලගේ ගල් අඟුරු වල කැලරි අගය හුඟක් අඩුයි. (4500 යි නමුත් ඔස්ට්‍රේලියාව වගේ රටවල ගල් අඟුරු වල ඒක 6500 ක් .(මෙතන මම ඒකක දැම්මේ නැහැ අපහසු නිසා ) අනික ඒ ගල් අඟුරුවල පරිසර දූෂණයත් ඉතා ඉහලයි. ඉතින් අපට බාල දේවල් ගන්න වෙනවා සල්ලිත් දීලා ඕක ලොකු ප්‍රශ්නයක්. (නදී)
තිළිණ Sunday, 19 October 2014 05:50 PM
සියල්ලටම පෙර අපේ රටේ විදුලිබල ප්‍රශ්නය විසඳාගෙන ඉන්න වෙයි (නි)
සේන Sunday, 19 October 2014 09:47 AM
මෙතන තියෙන්නේ දේශපාලන අරමුණක් සුලන් විදුලි බලාගාර මුවාවෙන් අපේ දැනට තරමක් හරි දුරට රැකිලා තියෙන බල ශක්ති ස්වාදීනත්වය ඉන්දියාවට පවරා ගන්න. (නදී)